Thursday, March 8, 2018

ඉන්දියාව තරගාවලියට අවතීර්ණ වෙයි.


ශ්‍රී ලාංකීය 70 වෙනි නිදහස් සැමරුමට සමගාමීව පැවැත්වෙන ශ්‍රී ලංකා ඉන්දීය හා බංග්ලාදේශ තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අද (08) පැවති තරගයෙන් බංගලදේශය පරදා කඩුලු 6 ක විශිෂ්ට ජයක් ලැබීමට ඉන්දියාව සමත් විය .

කාසීයේ වාසිය ජයග්‍රහණය කල ඉන්දීය නායක රොහිට් ෂර්මා ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළ අතර, ඒ අනුව මහමදුල්ලාගේ නායකත්වයෙන් පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 20 අවසානයයේ කඩුලු 8ක් පමණක් දැවී ලබා ගත හැකී වූයේ ලකුණු 139 පමණි. එහිදි, බංග්ලාදේශය වෙනුවෙන් කඩුලු අතර සාර්තක සබදතාවයක් රදවා ගැනීමට කිසිවෙකුට හැකියාව නොලැබුනු අතර Liton Das (34) සහ Sabbir Rahman (30) බැගින් ලබා ගනිමින් බංග්ලාදේශ ඉණිම තරමක් හෝ ශක්තිමත් කිරීමට දායක විය. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ Jaydev Unadkat ලකුණු 33 කට කඩුලු 3ක්ද,  Vijay Shankar ලකුණු 32 කට කඩුලු 2ක් බිද හෙලීමට සමත් විය. 



ලකුණු 140 ක ජයග්‍රාහී කඩයිම හඹා ගිය ඉන්දීය කණ්ඩායම පන්දුවාර 18.4 කදී කඩුලු 4ක් පමණක් දැවී සිය ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. එහිදි දක්ෂ පිතිහරඹයක නිරත වූ ශිකර් දවාන් පන්දු 43 කදී ලකුණු 55 ලබා ගැනීමට සමත් විය. මෙම තරගාවලිය තුළදී මේ වන විට පැවති තරග දෙකේදිහිම පිට පිටම අර්ධ ශතක දෙකක් ලබා ගනිමින් සාර්තක ආරම්භයක් කණ්ඩායමට ලබා දීමට ධවාන්ට හැකියාව ලැබී ඇත.මේ හේතුවෙන් පළමු තරගයේදී ශ්‍රී ලංකාව හමුවේ ඉන්දියාව පරාජයට පත් වුවද මෙම ජයග්‍රහණයත් සමගින් නැවතත් තරගයට අවතීර්ණ වීමට හැකියාව ලැබුණි. 

Post a Comment

Whatsapp Button works on Mobile Device only

Start typing and press Enter to search