Sunday, June 18, 2017

එංගලන්තයේදී දේශද්‍රෝහියෙකු වූ අමීර්, එංගලන්තයේදීම දේශප්‍රේමියෙකු වූ හැටි...

එංගලන්තයේදී දේශද්‍රෝහියෙකු වූ අමීර්, එංගලන්තයේදීම දේශප්‍රේමියෙකු වූ හැටි... 

ශූරයන්ගේ කුසලානයේ ශූරයන් බවට පත් වූ පාකිස්තානය මෙවර තරගාවකලියට අවතීර්ණ වන්නේ එක්දින ශ්‍රේණිගත කිරීම් හී 8 වන ස්තානයේ සිටය . නමුත් ඔවුන් පැමිණි ගමන් මග බැලීමේදි සෙසු කණ්ඩායම් සියල්ලටම වඩා නවකයන්ගෙන් පිරි කණ්ඩායමක් බව අවිවාදයෙන් යුතුව ප්‍රකාශ කළ යුතුය. නමුත් කණ්ඩායම අලුත් වුවද හිතේ ශක්තිය , දැඩි කැපවීම මත ඔවුන්ට අද නවතම ලෝක ශූරයන් බවට පත් වෙන්න අවස්තාව ලැබෙනවා.  එහිදි කාගේත් අවදානය යොමු වූයේ කලක් ක්‍රීඩා පිටියට සමුදී සිටී මොහොමඩ් අමීර් වෙතටයි. ඔහු අද සමස්ත පාකිස්තානයේම වීරයා වෙලා හමාරයි. ඔහුගේ ජීවිත කතාව බැලුවම , ඒය එතරම් සුන්දරට ගෙවුනු ජීවිතයක් නොවන බව ඔබ මෙන්ම මාද දන්නා කරුණක්.

මොහොමඩ් අමීර් කියන්නේ, තවම අවුරුදු 25 ක් තරම් තරුණ ජවයෙන් පිරි ක්‍රීඩකයෙක්. ඔහු කණ්ඩායමේ ස්තානයක් හිමි කර ගන්නේ යන්තම් අවුරුදු  17 සම්පූර්න වන විටය.. මේ සමය වන විට ඔහුගේ වීරයා වෙන්නෙ වෙන කවුරුත් නොවේ, පාකිස්තානයෙන් බිහිවුනු වසීම් අක්‍රම්. මේ හේතුවෙන් 2007 වර්ෂයේදී  ඔහුට අවස්තාවක් ලැබෙනවා වේගපන්දු පුහුණු සැසියකදී , ඔහුගේ වීරයා ඉදිරියේම තේරි පත් වෙන්න. එවිට අමීර්ට යන්නත් අවුරුදු 15 සම්පූර්න වුනා විතරයි. නමුත් අමීර්ව ඒ මොහොතේ වසීම් අක්‍රම්ගේ නෙත ගැටෙනවා. කොහොම හරි අමීර් 19 පහළ සංචිතයේ ස්තානයක් හිමි කරගනිමින් මුල් වරට එංගන්තය හමුවෙ තරග සංචාරයකට සහභාගී වෙන්න අවස්තාව හිමි කරගන්නවා. මොහු මේ තරගයේදී ඉහලම දස්කම් පෙන්වමින් කඩුලු 8 ක් බිද හෙලන්නේ තේරුම් කමිටුවේ අවදානය තමන් වෙත යොමු කරවමින්‍ ය. අමීර් කියන්නෙත් සල්ලි  තිවිලා ක්‍රිකට් ගහපු කොල්ලෙක් නොවේ. තමන්ගේ මහන්සියෙන්, ඉලක්කය වෙත ලගා උනු කොල්ලෙක්. මේ හේතුවෙන් අමීර්ට අවස්තාවක් ලැබෙනවා වයස අවුරුදු 17 දීම පාකකිස්තාන ජාතික කණ්ඩායම නියෝජනය කරන්න. මේ කාලය තුල පකිස්තාන  කණ්ඩායමේ  දක්ෂ පන්දු යවන්නන් නොසිටියාම නොවෙ . නමුත් ඒ සියල්ල අතරේ අමීර් ජීවිතය හෙව්වා. ඒ නිසා පන්දුවෙන් කරන්න පුලුවන් හැම සෙල්ලමක්ම අමීර් දැම්මා.




මේ නිසා අමීර් ඔහුගේ මුල්ම ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකට සහභාගී වෙන්න අවස්තාවක් හදා ගන්නවා. ඒ  2009 විස්සයි විස්ස ලෝක කුසලානය අතරතුර එංගන්තරයට එරෙහිව. එහිදී රවී බොපාරගේ කඩුල්ල ලබා ගත් අමීර් අද ලෝක කුසලානයක් රටට ගේන්න ලොකු ගේමක් දුන්නා විතරක් නොවෙයි මුලු පාකිස්තානයේම වීරයා වෙලා හමාඅයි. නමුත් අමීර්ගේ මේ සතුට වගේම අමීර්ට වැරදුනු තැන කාවත් සිටියේ නෑ. ඔහු මැරි මැරි ජීවත් උනා.  ඔහු එංගන්තය හමුවේ පැවති ටෙස්ට් තරගයක් අතරතුර 2010 දී තරග පාව දීමේ චෝදනාවකට හසු වෙන්නේ ඉතා ශෝකනීය අන්දමින්.  එහිදි එංගලන්තයේ මාධ්‍ය හරහා අමීර්ගේ මුලු ජීවිතයම විනාශ කරනවා.අමීර් දේශද්‍රෝහියෙකු බව මුලු රටේම මිනිස්සු ප්‍රතික්ශේප කරද්දි නැවතත් හිතේ හයියෙන් නැටිනවා.නමුත්  අන්තිමේදී අමීර්ට ක්‍රිකට් නිසා වසර 5 ක තරග තහනමක් පැනවෙනවා. ඒත් අමීර් ඒ වෙනුවෙන් දඩුවම් වින්දා. නමුත් ක්‍රිකට් ඇතෑරියේ නෑ. අවුරුදු 5 කට පස්සේ අමීර්ට අවස්තාවක් ලැබෙනවා, නවක කණ්ඩායමක් එක්ක නැවත  ශුරයන්ගේ කුසලානයට යන්න. අමීර් යන්නේ වෙන කොහේටවත් නොවේ තමන් දේශද්‍රෝහියෙකු කරපු එංගලන්තයටමයි. එහිදි අමීර්ට ලොකු පීඩනයක් දැනෙන්න ඇති. නමුත් අමීර් සුපුරුදු පන්දුව අතට ගන්නවා. මෙදා පාර අමීර් කණ්ඩායම එක්ක ලොකු ගමනක් යන්න හිතාගෙන ආපු බව හැමෝටම පෙනුනා. 


ඒ නිස යකඩ මිනිහෙක් වගේ අමීර් මුලින්ම ලංකාව අක්‍රමණය කරනවා. මෙදා පාර අපේ තැන අරන් උඹලා ඉස්සරහට ගියා තමයි. ඒත් කිසි දුකක් නෑ. උඹලා ඉදිරියටම ගිය නිසා.  අමීර් ලංකාව එක්ක තරගයේදී තමන්ගෙ පන්දුව වගේම පිත්ත එක්ක ලොකු සටනක් දෙන්නේ කඩා වැටුනු පාකිස්තාන ඉණිම ගොඩ ගන්න. එදා ඒ වික්‍රමය ඒ ආකාරයෙන්ම ඉෂ්ට වෙනවා. අපි තරගාවලියෙන් එලියටම විසි වෙනවා.ඒ වගේම  අවසන් මහා තරගයේදී නැවතත් ශක්තියක් වෙන්න අමීර්ට හැකියාව ලැබෙනවා. අමීර් අද මුලු පකිස්තානයේම වීරයා වෙලා හමාරයි. ඔහු බිද හෙලුවෙ ඉන්දීය ඉණිමේ මෙවර ලකුණු අතර සිටි මුල්ම කඩුලු 3ක් , කවුරුත් හිතුවෙ නෑ ඉන්දියාව පරාජය වෙයි කියලා. අමීර් ඒත් ආරම්භය හොදටම අරන් දෙනවා.. රොහිට් ලකුණු 0 ටම නැවත ක්‍රීඩා ගාරයට හරවා යවන්නේ ලොකු බලාපොරොත්තුවක් සහිතව. එතනින් නොනවතුනු අමීර් විරාට්වත් ලකුණු 5 කදී දවා ගන්නවා. දවාන්ට වෙන්නෙත් අමීර්ගේ ගොදුරෙක් වෙන්න. කෙසේ හෝ නොසිතූ පරාජයකට මුහුණ දෙන්න ඉන්දියාවට අද සිදු වෙන්නේ කුසලානය සිහිනයක් විතරක් බවට පත්වෙමින්‍ ය. ජය පරාජය නොව මෙතනදී වැදගත් , මටනම් වැදගත් ක්‍රීඩකයෙකු වශයෙන් අවශ්‍ය මොහෙතෙදි තමන් අතින් සිදුවිය යුත්තේ කුමැක්දැයි පෙන්වා දීමයි. අපිට ඉන්දියාව දිනුවද , පාකිස්තානය දිනුවද , ඵලක් නැත. නමුත් අමීර්ගේ කැප වීම , ඒ සියල්ලට වඩා වැදගත්‍ ය. 
එදා සුද්දගේ රටේ දේශද්‍රෝහියෙකු වුනු අමීර් , අද දේශප්‍රේමියෙකු වෙලා ලෝකෙම කතා කරන චරිතයක් බවට පත් වුනු නිසා. ඒ තුළ හරි අපූරු දෙයක් අපිට කියලා දෙනවා. ක්‍රිකට් ක්‍රීඩාව අවිනිශ්චිත ක්‍රීඩාවකට එහා ගිය පාඩම් කියා දෙන ක්‍රීඩාවක් කියන එක. ඒකයි අපි ක්‍රිකට් වලට පිස්සුවෙන් ඇලුම් කරන්නේ. ජය පරාජය කොතනද, ඒ සියල්ල දරා ගන්න හයියක් දැන් අපිට තියෙනවා. 

කෙසේ වෙතත් මෙවර ශූරයන්ගේ ශූරයන් බවට පත් වූ පාකිස්තාන කණ්ඩායමට ලාංකීය අපගේ උණුසුම් සුබ පැතුම් ! 

- සමීර ගොඩපිටිය - 
(2017/06/18) 


1 comment:

  1. එදා සල්මන් බට්ගෙ ගොබ්බ වැඩේ සිදු නොවුන නං මේ කොල්ලා අද ඉන්න තැන හිතාගන්නත් බෑ

    ReplyDelete

Whatsapp Button works on Mobile Device only

Start typing and press Enter to search