Saturday, May 6, 2017

වාර්තා පිට වාර්තා බිහිකළ තරගය අතීත කතාව.

වාර්තාවක් කරා ගමන් කිරීමට ක්‍රීඩකයෙකුට හෝ කණ්ඩායමකට අවස්තාවක් ලැබේනම් එය සතුටට කරුණකි.90 දශකය ක්‍රිකට් වංශ කතාවේ අලුත් පරිච්ජේදයක් බවට පත් වූ කාලවකවානුවකි. ශ්‍රී ලංකාව ක්‍රිකට් ලෝක ශූරයන් ලෙස කිරුළු පළදමින් ලෝකයෙම කාගේත් කතා බහට ලක් වන කණ්ඩායමක් බවට ඒ වන විට පත්ව තිබුණි.මේ කාල වකවානුව තුළ ඉන්දියාවට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සංචාරයක් සදහා සහභාගී වීමට අවස්තාව ලැබුණි.
කොළඹ ආර්.ප්‍රේමදාස පිටියට එක්රැස් වූ ශ්‍රී ලාංකික රසිකයන්ට කිසිදා අමතක නොවන මතක සැමරුමක් ලබා දීමට අර්ජුන රණතුංග ප්‍රමුක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එදා හැකියාව ලැබුණි. එකී සැමරුම තබා වසර 20 ක් ගෙවී යාමට කාලය එලඹ තිබුනද ඒ අසලටවත් ගමන් කිරීමට මේ වන විට කිසිදු කණ්ඩායාමකට හැකියාව ලැබී නැත. එය ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපට මහත් අභිමානයකි.

ඒ සුන්දර මොහොත සමරන රොෂාන් සහ සනත් ❤️



ප්‍රේමදාස ක්‍ර්ඩාංගණයේ තණතිල්ල හැමදාමත් ශ්‍රී ලංකාවට ආශිර්වාදය ගෙනදුණි.මේ හේතුවෙන් 1997 වසරේ පැවති ඉන්දු ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකාවේ මෙන් ම ඉන්දියාවේද පිතිකරුවන්ට පාරාදීසයක් බදු විය.දින 05 පුරාවටම දෙපිළටම ක්‍රීඩා කළ හැකි වූයේ පළමු ඉණිම පමණි. මේ හේතුවෙන් පෙනී යන්නේ එදා ආර් . ප්‍රේමදාස තණතීරුව පිතිකරුවන්ගේ නිජ භූමියක් බවට පත් වූ බවයි.කාසියේ වාසිය ඉන්දියාව ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව, පළමුව පන්දුවට පහර දෙමින් කඩුලු 08 ක් පමණක් දැවී ලකුණු 537 ක් රැස් කිරීමට සමත් විය. එයට පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉණිම තුළදී, ඉන්දියාවට එලව එලවා පහර දෙන්නට වූයේ වාර්තා පිට වාර්තා තම මව්බිමේදී ම පිහිටුවමිනි.ඉන්දීය ඉණිම තුළදී ශතක ත්‍රිත්වයක් සහ ශ්‍රීලංකා ඉණිම තුළදී ශතක ත්‍රිත්වයක් ලබා ගැනීම කැපී පෙනුණි. මෙහිදී එකක් ත්‍රිත්ව ශතකයක් වූ අතර , අනෙක දිවිත්ව ශතකයක් ලෙස ප්‍රේමදාස ලකුණු පුවරුවේ සටහන් වූයේ ශ්‍රී ලංකා ටෙස්ට් වංශ  කතාවේ එදා මෙදා තුර කණ්ඩායමක් ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසිනි. ශ්‍රී ලංකාවේ වැඩිම ලකුණු පුවරුව මෙන් ම මෙය ටෙස්ට් ක්‍රිකට් වංශ කතාවේ ටෙස්ට් කණ්ඩායමක් ලැබූ වැඩිම ලකුණු සංඛ්‍යාව ද වේ.




වර්තමානය වන විට , කොතරම් වාර්තා බිහි වුවද , කොතරම් වාර්තා බිද හෙලුවද , වසර 20 ක කාලයක් ගෙවී යාමට් කාලය එළඹ තිබුණත් මෙකී වාර්තාගත ලකුණු 952 බිද හෙලීමට කිසිම කණ්ඩායමකට හැකියාව ලැබී නැත. මෙකී වාර්තාව ශ්‍රී ලංකාවට අභිමානයකි.ගෞර්වයකි.වැගුරූ දහඩිP0ය වල ප්‍රතිඵලයකි. ක්‍රිකට් ක්‍රිඩාවේ විශාල ජයග්‍රහණයකි.  

ඉන්දීය ඉණිම කඩුලු 8 කට ලකුණු 537 ක් රැස් කිරීමට සමත් වූයේ අගනා ශතක ත්‍රිත්වයක් සමගිනි. ආරම්භක පිතිකරු නව්ජෝට් සිං සිධු ලකුණු 111 ක්ද, නායක සචින් තෙන්දුල්කාර් නායකත්ව ඉණිමක් ක්‍රීඩා කරමින් ලකුණු 143 ක්ද, මොහොමඩ් අසාරුදීන් ලකුණු 126 කින්ද ඉන්දීය ඉණිම ගොඩ නංවන ලදි.ඉන්දීය ලකුණු 537 හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ අවසන් දිනය නිමා වන තුරුම මෙල්ලකර ගැනීමට ඉන්දියානුවන්ට කිසිදු අවස්තාවක් ලබා නොදුනි . කඩුලු 6 කට ලකුණු 952 ක් ලෙස ලකුණු පුවරුව සටහන් වෙද්දි, එකී ලකුණු පුවරුවේ ලකුණු 576 ක විශිෂ්ට සබදතාවයක් ගොඩ නැගීමට සනත් ජයසූරිය සහ රොෂාන් මහානාමට හැකියාව ලැබුණි. 



ආරම්භක පිතිකරු සනත් ජයසූරිය සහ අංක 03 පිතිකරු රොෂාන් මහානාම පිටිය සිසාරා අතදිගහැර පහර දෙන්නට වූයේ නව ලෝක වාර්තා කිහිපයක්ම පිහිටුවමිනි. සනත් ජයසූරිය පන්දු 578 කදී ම්නිත්තු799 ක් තුළ හතරේ පහර 36 ක් සහ හයේ පහර 2ක් සමගින් ලකුණු 340 ක් රැස් කළේ තම ක්‍රිකට් දිවියේ ලබාගත් හොදම ඉණ්ම ලෙසය. ලකුණු 340 දක්වා ක්‍රම ක්‍රමයෙන් ගමන් කර ජයසූරිය ප්‍රථම ලකුණු 100 ලබා ගැනීම සදහා පන්දු 138 වැයකරනු ලැබු අතර සිය ක්‍රිකට දිවියේ ද්විත්ව ශතකය ලබා ගැනීමට සමත් වන්නේ පන්දු 327 තුළදීය .ජයසූරිය දිවිත්ව ශතකය ලබා ගැනීමට පෙරාතුව ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු ඉණිම ක්‍රිඩා කර තිබුනේ අරවින්ද ද සිල්වා විසින් නවසීලන්තයට එරෙහිව ලබාගත් ලකුණු 267 වේ . අවසාන වශයෙන් ලකුණු 340 දක්වා තමන්ගේ පෞද්ගලික ලකුණු සංඛ්‍යාව වැඩි කර ගනිමින් ශ්‍රී ලංකා ඉණිම ශක්තිමත් කරන ලදි. අනෙත් පසින් පන්දුවට පහර දුන් රොෂාන් මහානාම විසින් පන්දු 561 කදී මිනිත්තු 733 කාලයක් තුළ හතරේ පහර 27 සමගින් ලකුණු 225 ක් රැස් කිරීමට සමත් විය. දෙදෙනා අතර දෙවන කඩුල්ල සදහා වාර්තාගත ලකුණු 576 ක සබදතාවයක්  ගොඩ නැගීමට හැකියාව ලැබුණි.  




මේ තරගයත් සමගින් සනත් ජයසූරියට ටෙස්ට් ලකුණු 1500 සීමාව පසු කිරීමටද හැකියාව ලැබුණි.නායක අර්ජුන රණතුංග ටෙස්ට් ලකුණු 4000 කඩ ඉම පසු කරන ලද්දේද මෙම තරගය අවසානයේදීය.මංගල ටෙස්ට් තරගයට සහභාගි වූ මහේල ජයවර්ධනද , මෙකී ලෝක වාර්තාවේ සගයෙකු වීමට හැකියාව ලැබුණි. එහිදී මහේල ජයවර්ධනද ලකුණු 66 කින් ශ්‍රී ලංකා ඉණිමට ජීවයක් ගෙන දෙන්නට විය .තරගය ජය පරාජයෙන් තොරව අවන් වුවද , තරගයේ වැඩි ගෞරවය ශ්‍රී ලංකාව සතු විය. වසර 20 ක් ගෙවී යාමට කළය එළඹ තිබියදීත් එකී වාර්තාව  තවමත් ශ්‍රී ලාංකාව සතු වීම, ශ්‍රී ලාංකික ක්‍රිකට් රසිකයන් වශයෙන් අපට මහත් ආඩම්භරයකි. 

සමීර ගොඩපිටිය

8 comments:

  1. නියමයි මචං.......
    සුපිරි.....

    ReplyDelete
  2. මරු නෙ...
    සුපිරි නෙ...

    ReplyDelete
  3. ඔයාට අවංකවම සුබ පැතුම්. ලංකාවෙන් පිට ලෝකය ගැනත් හොයන්න, ලියන්න.

    ReplyDelete
  4. ලයිව් බැලුවා මැච් එක..

    සුපිරි! දිගටම ලියන්න

    ReplyDelete
  5. මහානාම මගේ සමකාලීන පාසල් මිත්‍රයා. නිහතමානි ක්‍රිඩකයා. මේ මුළු ඉනිමම සජීවිවම මාත් බැලුවා. මහානාම ජයසූරිය වාර්තාව කැඩුවෙත් තවත් නාලන්දියෙක් වූ මහේල සංගත් එක්ක එකතුව.

    ReplyDelete
  6. දිගටම ලියන්න

    ReplyDelete

Whatsapp Button works on Mobile Device only

Start typing and press Enter to search