Friday, June 9, 2017

ශූරයන්ගේ කුසලානයට අවතීර්ණ වූ ශ්‍රී ලංකාව ...


ශූරයන්ගේ කුසලානයට අවතීර්ණ වූ ශ්‍රී ලංකාව ... 

දකුණු අප්‍රිකාව හමුවේ මුල්ම තරගය පරාජය වීමත් සමගින්, ශ්‍රී ලංකාවට ශුරයන්ගේ කුසලානයේ යම් අවදානම් තත්වයක් පැන නැගුණි. එනම් මෙවර අපට තරග වැදීමට සිදු වූයේ ඉන්දියාව, පාකිස්තානය සහ ප්‍රබල දකුණු අප්‍රිකානු කණ්ඩායම් හමුවේය. මෙහිදි , පළමු පරාජයත් සමගින් ශ්‍රී ලංකාවට ඉන්දියා හමුවේ තරගය අනිවාර්‍යෙන්ම ජයගත යුතු තත්වයක පැවති අතර එය ජයග්‍රහණය කිරීමට නොහැකි වූවනම් මෙවර ශූරයන්ගේ කුසලානයේ පළමු වටයෙන්ම එලියට විසිවීමට බොහෝ සෙයින් ඉඩ තිබිණ. නමුත් ඊයේ ( 9 වෙනිදා ) පැවති ඉන්දු ශ්‍රී ලංකා තරගයෙන් පසුව එකී සියලු සාධකයන් පසෙකට විසි කරමින් තරගයට අවතීර්ණ වූ ශ්‍රී ලංකාව,  ඉන්දියාවට එරෙහිව කඩුලු 7 ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට සමත් විය . ඒ ඔස්සේ නැවතත් ශ්‍රී ලාංකීය ක්‍රිකට් රසිකයන්ට කිසිදා අමතක නොවන මතක සැමරුමක මිහිර විදීමට ඉඩ ප්‍රස්තාව ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඊයේ එංගලන්තයේ ඕවල් ක්‍රීඩාංගණයේදී හැකියාව ලැබුණි. 


ක්‍රිකට් යනු අවිනිශ්චිත ක්‍රීඩාවක් බව නැවත නැවතත් අප දෑස් ඉදිරියේ විද්‍යාමන කිරීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබිණ. ඉන්දියාව හමුවේ ශ්‍ර්‍ර්‍රීලංකා කණ්ඩායම ලද මෙකී ජයග්‍රහණය ක්‍රිකට් ඉතිහාසයේ අමරණීය තරගයක් වනවා නොවනුමානය.ඇන්ජලෝගේ ආබාධයත් සමගින් පළමු තරගයේදී  කණ්ඩායමට සහභාගී විමට ඔහුට හැකියාව නොලැබුනි. නමුත් ඇන්ජලෝ මෙවර ඉන්දියාව හමුවේ කණ්ඩායමට එක්වීම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩාටමට බොහෝ සෙයින් වාසි දායක විය. ඒ අනුව කාසියේ වාසිය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව පළමුවෙන් පන්දුවට පහර දීමට ඉන්දිය කණ්ඩායමට ආරාධනා කරන ලදි. ඒ අනුව ඉන්දීය ඉණිම ආරම්භ කරන ලද්දී ශිකර් ඩවාන් සමගින් රොහිට් ශර්මා ය. එහිදී, පළමු පන්දූවාර 10 තුලදී අඩු ලකුණු ලබා ගැනීමක පසුවූ ඉන්දීය පිතිකරුවන් , ක්‍රම ක්‍රමයෙන් එය වර්ධනය කරගනිමින් ලකුණු 321 වැනි දැවැන්ත ලකුණු පුවරුවක් ඕවල් පිටියේදී ශ්‍රී ලංකාවට බාර කරන්නට විය. එහිදී අගනා ඉණිමක් ක්‍රීඩා කළ ශිකර් ඩවාන් පන්දු 128 ක් තුළදී හතරේ පහර 15 ක් සහ එක් හයේ පහරක් සමගින් ලකුණු 125 රැස් කිරීමට සමත් විය. ඔහු සමගින්ම ලකුණු 138 සබදතාවයක් ගොඩ නැගූ රොහිට් ශර්මා පන්දු 79 කදී හතරේ පහර 6 ක් සහ හයේ පහර 3 ක් සමගින් ලකුණු 78 ලබා ගනිමින් ඉන්දීය ලකුණු පුවරුව ඉහළට ඔසවා තබන්නට විය. නමුත් රොහිට් ශර්මාගේ දැවී යාමෙන් අනතුරුව පිටියට පිවිසි ඉන්දීය නායක විරාත් කෝලී මෙවර ලකුණු නොලබාම පිටියෙන් ඉවත් කිරීමට නුවන් ප්‍රදීප්ට හැකියාව ලැබුනේ 2014 පසුව ඔහු 0 දැවී ගිය පළමු අවස්තාව මෙය බවට පත් කරමින්‍ ය. ඉන් පසුව පිටියට පිවිසි යුවරාජ් සිංටද පිටියේ වැඩි වෙලාවක් රැදී සිටීමට අවස්තාව නොදුන් ශ්‍රී ලංකාව ඔහු ලකුණු 7 ක් ලබා සිටියදී අසේල ගුණරත්නගේ පන්දුවක් හමුවේ දැවී යන විට ඉන්දීය ලකුණු පුවරුව සටහන් වූයේ 179/3 වශයෙනි. නැවතත් ඉන්දීය ඉණිම ගොඩ නැගූ මහින්ද්‍ර සිං දෝනී දැවී යන විට ලකුණු 63 ක් ලබා සිටියේය. එයට හතරේ පහර 7 ක් සහ හයේ පහර 3 ක් ඇතුළත් විය. ඒ අනුව පන්දූවාර 40 වන විටත් ඉන්දීයනුවන් ලබා සිටියේ ලකුණු 200 වැනි සුලු ලකුණු ප්‍රමාණයක් වුවද ඉන්පසුව ඉන්දීය පිතිකරුවන් ඉතිරි පන්දුවාර 10 තුළදී ලකුණු 121 ක් ලබා ගැනීමට සමත් විය. පන්දු යැවීම අතින් මෙවර ශ්‍රී ලංකාව අසාර්තක වූ බව මින් පෙනේ. සියලුම පන්දු යවන්නන් හට රිසිසේ පහර දුන් ඉන්දියාව,  පන්දුවාර 50 අවසානයේ ශ්‍රී ලංකාවට ලබා දුන් අභියෝගය ලකුණු 322 කි. 

ශිකර් දවාන් ලකුණු 125 යි ....

මහින්ද්‍ර සිං දෝනි ලකුණු 63 යි..


ලකුණු 322 ක දැවැන්ත ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම ,මෙවර ආරම්භ කරන්න ලද්දේ නිරෝෂන් දික්වැල්ල සමගින් දනුෂ්ක ගුණතිලකය. ඒ අනුව මෙවර නිරෝෂන්ගේ පිත්ත එතරම් සාර්තක නොවූ හෙයින් පළමු කඩුල්ල ලකුණු11 ක් තුළදී බිද වැටෙන්නට විය. ඉන් පසුව පිටියට පිවිසි කුසල් මෙන්ඩිස් සමගින් දනුෂ්ක ගුණතිලකය ඉන්දියානු පන්දු යවන්නන්ට එලව එලවා පහර දෙන්නට වූයේ ජයග්‍රහණයේ සලකුණු ශ්‍රී ලංකාව වෙත විද්‍යාමාන කරමින් ය. ඒ අනුව  ලකුණු 76 ක් ලබා සිටියදී අවාසනාවන්ත ලෙස පිටියෙන් ඉවත් වීමට දනුෂ්ක ගුණතිලකට සිදු විය. ඔහු දැවී යන විට ඔහුගේ ඉණිමට හතරේ පහර 7 ක් සහ හයේ පහර දෙකක් ඇතුලත් වී තිබුණි.

ලකුණු 76 කින් ශ්‍රී ලංකා ඉණිම ශක්තිමත් කළ දනුශ්ක
ගුණතිලක. .. 👍 

ඉන්පසුව පිටියට පිවිසෙන්නේ, කුසල් ජනිත් පෙරේරාය. ඔහු සමගින් නැවතත් තරගයට අවතීර්ණ වන කුසල් මෙන්ඩිස් ටද සිදුවන්නේ අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යාමට හසු වීමය. ඒ අනුව ශතකය පෙනි පෙනී තමන්ගේ කඩුල්ල පූජා කිරීමට කුසල් මෙවරද සිදු විය. නමුත් ශ්‍රී ලංකා ඉණිම වෙනුවෙන් මෙවර වැඩිම ලාභියා වන කුසල් මෙන්ඩිස් දැවී යන විට පන්දු 93 කට ලක්‍ය්ණු 89 ක් ලබා සිටියේය. එයට හතරේ පහර 11 ක් සහ එක් හයෙ පහරක් ඇතුළත් වුණි. 

කුසල් සමගින් දනුෂ්ක ගුනතිලක.. 

අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යන
කුසල් මෙන්ඩිස් 😢 


ඒ අනුව ඉන්පසුව පිටියට පිවිසෙනු ලබන්නේ නායක ඇන්ජලෝ මැතිව්ස් ය. ඔහු සමගින් මනා සබදතාවයක් ගොඩ නගා ගනු ලබන කුසල් පෙරේරා , ඉන්දියාවට එලවා එලවා පහර දෙනු ලබන්නේ ජයග්‍රහණයේ සලකුණු ශ්‍රී ලංකාව වෙත උදා කර දෙමින්‍ ය. නමුත් කුසල් ජනිත් පෙරේරා ද මෙවර ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔහුට තරගය අවසානය තෙක් රැදී සිටීමට හැකියාව නොලැබුණි. ඒ හේතුවෙන් නැවතත් පිටියට පිවිසෙන අසේල ගුණරත්න ඕස්ට්‍රේලියාවට එලව එලවා පහර දුන්නා සේම මෙවර ඉන්දියාවටද රිසි සේ පහර දෙන්නට විය.ඒ අනුව ඔහු අවසන් මොහොතේ හයේ පහර දෙකක් සහ හතරේ පහර දෙකක් සමගින් ලකුණු 32 ක් ලබා ගැනීමට සමත් විය.ඒ අනුව  ජයග්‍රාහී ලකුණු 322 ක හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම නැවත නැවතත් ශ්‍රී ලංකාවේ අභිමානය මනාව ඔප්පු කරන්නට විය. ඒ අනුව අවසන් ලකුණ රැස් කළ ඇන්ජලෝ මැතිව්ස් ඕවල් පිටිය සිසාරා ශ්‍රී ලංකා අභිමානය එක් කරන්නට වූයේ ක්‍රිකට් මහා ඒජන්තවරුන් යැයි සිතා සිටින ඉන්දියාවට වීම තවත් සතුටට කරුණකි. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් යනු කවරේදැයි නැවතත් ඔප්පු කළ නායක මැතිව්ස් ප්‍රමුක ශ්‍රී ලංකා කණ්ඩායමට අපේ ස්තූතිය පුද කර සිටිය යුතුය .

ශ්‍රී ලංකා කණ්ඩායේ නායක ඇන්ජලෝගෙන්
ජයග්‍රාහි ලකුණ ලබා ගැනීමෙන් අනතුරුව 

බෘම්‍ රාගේ පන්දුවට හයේ පහරක් එල්ල
කළ අසේල ගුණරත්න . ..

ජයග්‍රහණයේ සතුට සමරන යුද හමුදාවේ ශ්‍රී
ලංකා විරුවන් දෙදෙනා..
අසේල - සීකූ


දැන් අපට ඉතුරුව ඇත්තේ තවත් එක් තරගයක් පමණි. අවසන් කණ්ඩායම් 4 වෙත යෑමට එම තරගය ජය ගත යුතුවම ඇත. දැනට අප බී කාණ්ඩයේ  3 වෙනි ස්තානයේ පසු වන අතර එහි තවමත් පෙරමුණෙ පසු වන්නේ ඉන්දියාව යි. දෙවනි ස්තානයේ දකුණු අප්‍රිකාවත් ,සිව්වන ස්තානයේ පාකිස්තානයත් ප්‍රාසද ලකුණු 2 බැගින් ලබා සිටී. ඒ අනුව අවසන් 4 ට යෑම මේ සියලු කණ්ඩායම් වලට මෙවර අභියෝගයක් වී ඇත. ඉන්දියාව හා දකුණු අප්‍රිකා තරගය ඉන්දියාව ජය ගත හොත් ඔවුන් පෙරමුණ ගන්නේය. කෙසේ හෝ එම තරගය ද. අප්‍රිකාව ජය ගතහොත් ඔවුන් පෙරමුණට ගොස් ඉන්දියාවට තරගාවලියෙන් ඉවත් වීමට සිදු වෙයි. ශ්‍ර්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගයේදී ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළහොත් අපට අවසන් කණ්ඩායම් 4 වෙත යෑමට හැකියාව ඇත . කෙසේ හෝ එම තරගය අප පරාජය වුවහොත් පාකිස්තානය ඉදිරියට ගොස් අප තරගාවලියෙක් ඉවත් ව යයි. ඒ අනුව ඉදිරි තරග දෙක කණ්ඩායම් 4 ටම ඉතා වැදගත් හෙයින්, අපට පාකිස්තානය හමුවෙ විමසිල්ලෙන් ක්‍රීඩා කිරීමට සිදු වෙයි. ඒ අනුව ශරීර යෝග්‍යාතාවය අතින් අප තවත් මීට වඩා ශක්තිමත් විය යුතුය. මේ වන විටත් , කුසල් පෙරේරා සහ චාමර කපුගෙදර  ආබධයට ලක් වී හමාරය . එය ශ්‍රී ලංකාව අතින් අවාසනාවන්ත සිදුවීමකි. ඒ නිසාවෙන් සියල්ලට ප්‍රථම ශරීර යෝග්‍යාතාවය හොදින් පවත්වා ගැනීම සියලු ක්‍රීඩකයන් සිහියේ තබා ගත යුතුය. ඒ  තුළින්  අපට ජයග්‍රහණයන් කරා  පහසුවෙන් ගමන් කළ හැකිය. 

සමීර ගොඩපිටිය 
2017/06/10  

Post a Comment

Whatsapp Button works on Mobile Device only

Start typing and press Enter to search