Monday, June 5, 2017

පරාජය මතින් නැගී සිටිමු !

පරාජය මතින් නැගී සිටිමු ! 

මා මේ සටහන තියන විටත්, අපට ශූරයන්ගේ කුසලානයේ පොඩි හෝ බලාපොරොත්තුවක් නැතුවා නොවේ. නමුත් ඉදිරිය පහසු නැත. අප බී කාණ්ඩය යටතේ මෙවර තරග වැදීමට සිදුවී ඇත්තේ ආසියතික රටවල් දෙකක් වන ඉන්දියාව සහ පාකිස්තානය හමුවේය. අපට පළමු තරගයේදීම  දකුණු අප්‍රිකාව හමුවේ දරුණු පරාජයකට මුහුණ දීමට සිදු විය.


ශූරයන්ගේ කුසලානයේ සමාරම්භක තරගයේදීම හොද ඇරඹුමක් ලැබූ බංගලාදේශය එංගලන්තය හමුවේ  ක්‍රිඩා කළ විලාසය ඉතා අගනේ මුත් ඔවුන්ට එංගලන්තය හමුවේ දණ ගැසීමට සිදු විය. ආරම්භක තරගයේදීම ටමීල් ඉක්බාල් විසින් ශතකයක් වාර්තා කිරීම නිසා  බංගලාදේශ ලකුණු පුවරුව 305 ක් දක්වා ගෙන යමින් ජයග්‍රහණයේ දොරටු විවෘතව සිටියේය. නමුත් අවාසනාවකට මෙන් එදා ඕවල් පිටිය එංගලන්තයට ආශිර්වාදයක් ගෙන එන්නට විය. දැවැන්ත ලකුණු පුවරුව මැදින් ඉදිරියට ආ එංගන්තය එම ඉලක්කය පහසුවෙන්  සපුරාලමින් ජයග්‍රහණයේ සතුට විදින්නට වූයේ මෙවර ඔවුන් සෙසු සියල්ලන්ටම වඩා ශක්තිමත් බව ඔප්පු කරමිනි. . ජෝ රූට්ගේ පිත්ත එදා ඕවල් පිටියට පිවිසි  ප්‍රෙක්ෂකයන් අමන්දානන්දයට පත් කරන්නට විය. ඔහු  එක් හයේ පහරක් සහ හතරේ පහර 11 සමගින් ලකුණු 133 ක් රැස් කිරීමට සමත් වූයේ තරගයේ වීරයා සම්මානයද තමන් සතු කර ගනිමිනි.


ශූරයන්ගේ කුසලානයේ දෙවන තරගය ඕස්ට්‍රේලියව සහ නවසීලන්තය අතර පැවති අතර එම තරගයට වර්ෂාවෙන් බාධා ඇති  වුණි. නමුත් පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 45 තුලදී ලකුණු 290 ක දැවැන්ත ලකුණු පුවරුවක් කරා ගමන් කරන්නට විය. එහිදී නායක කේන් විලම්සන් විසින් නායකත්ව ඉණිමක් ක්‍රීඩා කරමින් පන්දු 97 තුළදී හතරේ පහර 8 ක් සහ හයේ පහර 3 ක් සමගින් ලකුණු 100 ලබා ගන්නට විය. 



කාගෙත් අවදානමට ලක් වූ තරගය වූයේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවති තරගයයි. එහිදි  අපට තරග වැදීමට සිදු වූයේ ලෝක ශ්‍රේණිගත කිරීම් හී මුල් ස්තානයන්හී සිටින පිතිකරුවන් සහ පන්දු යවන්නන් හමුවේය. ඩිවිලියස්, ඩු ප්ලෙසිස් , ඩී කොක් රබාඩා, තහීර් මොවුන් ශ්‍රේණිගත කිරීම් හී මුල් ස්තානයන් රජ කරමින් සිටින්නේය. තරගය ආරම්භ වීමට පෙර සිටම කාගේත් අවදානම යොමු වූයේ දකුණු අප්‍රිකාව වෙතටය. එනම් ඔවුන් අපට වඩා ශක්තිමත් වූ නිසාවෙනි.  ශ්‍රී ලංකා කණ්ඩායම යනු නවකයන්ගෙන් පිරි කණ්ඩායමක් බව පෙනෙන කරුණකි. . මෙහි සිටින එකම පළපුරුදු ක්‍රීඩකයා වන්නේ  ලසිත් මාලිංග පමණි. තරංග වුවද ක්‍රීඩා පිටිය තුළ විටින් විට මතුවූ චරිතයක් මිස ක්‍රිඩා පිටියේ දීර්ඝව රැදී සිටී චරිතයක්  නොවිය. නමුත් මැතිව්ස්ගේ ආබාධයත් සමගින් මෙවර කණ්ඩායම මෙහෙය වීමට සිදු වූයේ උපුල් තරංගටය. කාසියේ වාසිය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට දකුණු අප්‍රිකාව පිටියට පිවිසද එහිදි මුල් පන්දුවාර 10 තුළදී දකුණු අප්‍රිකානු කණ්ඩායම මැනවින් පාලනය කළ ලසිත් මාලිංග සහ සුරංග ලක්මාල් එහිදී හොද පන්දු යැවීමක නිරත විය. නමුත් අශීෂ් අම්ලාගේ ආරම්භය තරමක් මන්දගාමී වුවද ඔහු ක්‍ර්මක්‍රමයෙන් ඔහුගේ ශතකය කරා සාර්තකව ගමන් කරමින් දකුණු අප්‍රිකා ඉණිම ශක්තිමත් කරන්නට විය. එයට නොදැවිනි සහයක් ලබා දුන් ඩු ප්ලෙසිස් අගනා ඉණිමක් දියත් කරමින් ලකුණු 75 ක් ලබා ගැනීමට සමත් විය. අවසන් පන්දුවාර කිහිපය තුළදී නැවතත් ඩුමිනිගේ පිත්ත ක්‍රියාත්මක වූ අතර ඔහු පන්දු 20 ක් තුළදී ලකුණු 38 ලබා ගැනීමට සමත් විය. මේ අනුව දකුණු අප්‍රිකාව හමුවේ අපට හිමි වූ ඉලක්කය ලකුණු 300 කි. පන්දුවාරයකට ලකුණු 6 වේගයක් රදවා ගැනීමට ශ්‍රී ලංකාවට මේ හේතුවෙන් සිදු විය. 




ඕවල් පිටියට පිවිසී බොහෝ ශ්‍රී ලාංකිකයන්ගේ සහයෝගය මතින් ඉණිම ක්‍රියාත්ම කළ නිරෝෂන් දික්වැල්ල සහ උපුල් තරංග පළමු පන්දුවාර 10 දකුණු අප්‍රිකාවට එලව එලවා පහර දෙන්නට වූයේ ජයග්‍රහණයේ මාවත පෙන්වා දෙමිනි. මේ හේතුව්‍ර්න්  නැවතත් කාගෙත් අවදානය ශ්‍රී ලංකාව වෙත යොමු විය. නමුත් ලකුණු 41 ලබා සිටියදී පිටියෙන් ඉවත් වීමට නිරෝෂන් දික්වැල්ලට සිදු විය. ඉන්පසු පිටියට පිවිසි කුසල් මෙන්ඩිස්ට වැඩි වෙලාවක් පිටියේ රැදී සිටීමට අවස්තාවක් නොලැබුණි . ක්‍රිස් මොරිස්ගේ පන්දුවක් හමුවේ ඩිවිලියස් අතට උඩ පන්දුවක් ලබා දීම හේතුවෙන් ලකුණු 11 කට කුසල්ගේ ඉණිම අවසන් විය. දිනේශ් චන්දිමාල් ද අවසනාවන්ත ලෙස දුවද්දි දැවී යාමට සිදු වීම හේතුවෙන් ශ්‍රී ලංකා ඉණිම නැවතත් කඩා වැටීමට ලක්විය.  නමුත් නායක උපුල් තරංග නායකත්ව ඉණිමක් ක්‍රිඩා කරමින් ශ්‍රී ලංකා කණ්ඩාය යම් තාක් දුරකට ගෙන ආවද ඔහුද ලකුණු 57 කට දැවී යාම හේතුවෙම් නැවතත් තරගය දකුණු අප්‍රිකාව දෙසට අවතීර්ණ විය. කපුගෙදර සහ අසේල ගුණරත්න ලකුණු අතරට අවතීර්ණ නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ බලාපොරොත්තුව සම්පූර්ණයෙන් සුනු විසුලු විය. නමුත් වෙනදා ආරම්භයේ පිත්ත හසුරුවන කුසල් ජනිත් පෙරේරා මෙවර කණ්ඩායමේ මැදපෙල ක්‍රිඩා කරමින් තරගයේ අවසානය තෙක් නොදැවී තරග වදින්නට විය. අවසානයේ ඔහුට කිසිවකුගේ සහයක් වැඩි වෙලාවක් රදවා ගැනීමට නොහැකි වීම හේතුවෙන් ඉතුරු කඩුලු කිහිපයද බිද වැටී ජයග්‍රහණයේ දොරටු දකුණු අප්‍රිකාව වෙත යොමු විය. අවසානයේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව ප්න්දුවාර 43.3 කට සීමා විය. ඒ අනුව දකුණු අප්‍රිකාව ට ලකුණු 96 ක විශිෂ්ට ජයක් හිමි විය. 


Photo credit goes to "The Papare " 

කෙසේ වෙතත්, අපට තව ඉතුරුව ඇත්තේ තරග දෙකක් පමණි. එය ප්‍රබල ඉන්දියාව සහ පාකිස්තානය හමුවේය. පාකිස්තානය සමග තරගය ජයග්‍රහණය කිරීමට අපට හැකියාව ලැබුනද ඉන්දියාව හමුවේ ජය ගැනීමටනම් අප මීට වඩා උනන්දුවෙන් තරගයට අවතීර්ණ විය යුතුය.  නැතිනම් සිදුවන්නේ ශූරයන්ගේ කුසලානයේ පළමු වටයෙන්ම ඉවතට විසිවීම නොවේද ? එසෙ නොවෙනු ඇති බව තවමත් අපේ හිත කියන බව ඇත්තය. නමුත් සිහින දකිනවට වඩ සත්‍ය අප ඉදිරියේදී වැඩ පෙන්වමින් සිටී.ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව මෙවර කරට කර තරග වදින බව ඔබට මෙන් ම මටද පෙනෙන කරුණකි. ඒ නිසාවෙන් ශූරයන්ගේ කුසලානයේ ශූරයන් වීමට ප්‍රථම මෙම කඩයිම පැනීමට අප සිදුවෙයි . ඉන්දියාව හමුවේ තරගය අපගේ ඉදිරි ගමන තීර්ණය  කරන බව ඇත්තය  . මේ නිසාවෙන්   ජයග්‍රහණයක පහස සොයන අපිට ඉන්දියාව හමුවේ ජය ගැනීමට හැකිවේවයි ප්‍රාර්තනා කරමු! 


සමීර ගොඩපිටිය 
(2017/06/05 ) 


Post a Comment

Whatsapp Button works on Mobile Device only

Start typing and press Enter to search