Tuesday, June 6, 2017

මාගේ මතක සැමරුමේ ඔබ එක් දිනක..

මාගේ මතක සැමරුමේ ඔබ එක් දිනක..  

හැමදාමත් වගේ මං ලියන් ආවේ අපේ ක්‍රිකට් ඉතිහාසය , ඒ වගේම වර්තමාන ක්‍රිකට් ක්‍රීඩාවේ තත්වය වගේ ලිපි. නමුත් මං අද ලියන්නේ ඊට එහා ගිය සොදුරු මිනිසෙකුගේ හමුවීමක් පිළිබදව.

ඔහු නමින් අලීම් ඩාර්.. කාටත් මතකෙට එන නමක්, ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ විනිසුරුවරුන් අතර මුල් ස්තානයන්හී වැජඹෙන විනිසුරුවරයෙක්. ඔහු ගැන අද මට කතා කරන්නට හිතුනේ වෙන කිසිම හේතුවක් නිසා නෙවේ. ඔහු අද ඔහුගේ ජන්ම දිනය සමරනවා. ඉතින් වචනයක් හරි නොලිය ඉන්න එක හිතට හරි මදි වගේ. අර කතාවක් තියෙනවනේ, ඕනම දේකට වැඩිපුර ආස උනාම ඒ දේ ගලවන්න බෑ කියලා. කෙලින්ම කීවොත් ඇම්ම. ඉතින් ක්‍රිකට් වලට ආදරය කරන මිනිස්සු විදියට මං ක්‍රිකට් කියලා ගරු කරන්නේ මේ රටේ ක්‍රීඩකයන්ට විතරක් නොවේ. සෙසු සියල්ලම මගේ වීරයන්. කෙනෙක්ට හිතෙන්න පුලුවන් ඇයි මූ මේ තම්බියෙක් ගැන මේ තරම් කැක්කුමෙන් ලියන්නෙ කියලා. ඇත්තටම ඔහු මට වීරයෙක්. ඔහු පාකිස්තානයේ ඉපදුනු පාකිස්තානය වෙනුවෙන් ක්‍රිකට් ගහපු අවසානයේ ඔහුගෙස් ගමනාන්තය නැවතුනේ විනිසුරුවරයෙක් විදියට.එකී ගමනාන්තය තුළ ඔහු කාගේත් හිත දිනා ගත්ත චරිතයක් බවට දැන් පත් වෙලා තියෙනවා. මේ දිනවල ශූරයන්ගේ කුසලානයේද ඔහු ප්‍රාධාන විනිසුරුවරයෙක් විදියට කට‍යුතු කරනවා.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ,
ඔහු හමු වූ මොහොත....




හරියටම 2017 මාර්තු 8 , මට මතක හැටියට මට මොහුව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී හමුවෙන්න අවස්තාවක් ලැබෙනවා. එදා ලොකු කට්ටක් කෑව වගේ මතකයි. නමුත් ඔහු සිනාමුසු මුහුණින් තව කවුරුන් හෝ කෙනෙකු සමග පැමිණියා. මට මුලින් චකිතයක් තිබුනේ, මේ මනුස්සයා මොන වගේ කෙනෙක් ද දන්නේ නෑ. Photo එකක් ගහන්න ගිහින් බැනුම් අහන්න වෙයිද කියලා. නමුත් ඇත්තටම එහෙම උනේ නෑ. මං ඔහු ලගට ආවම අවසර ගත්තා . ඔහු එය හොදින් පිළිගත්තා කියලා මට මතකයි. නමුත් මං photo එක ගහන්න හැරිලා ඉදියේ අදුරු පැත්තට. කැමරාව එහාට මෙහාට කරත්, තව කලුවර වැටුනා. නමුත් මේ සොදුරු මිනිසා , මට මෙහෙම කිව්වා,
 "  The boy turn other side " 
පස්සෙයි මතක් උනේ, ඒ පැත්තට හොදට එළියයි කියලා. ඔහු සිනහමුසු මුවින් යන්න ගියා. මට ඒත් තවමත් යන්න හිත නෑ. මොකද මං රන්ජන් පරණවිතාන සර් හමු උනෙත් එදා. ඔහුත් මට කතා කරලා හෙටත් පුතා මැච් එක බලන්න එන්න කියලා ටිකට් එකකුත් දීලා ගියා. ඊට පස්සේ රොෂාන් අබේසිංහ සරුත් මට ඈතින් එනවා වගේ පේනවා. මං ඔහු දෙසටද හෙමින් හෙමින් කිට්ටු උනා. ඇත්තටම එදා ගොඩාක් සතුටු උනු දවසක්. මොවුන් තිදෙනාම මා සමග කතා කලා. කෙනෙක්ට හිතෙන්න පුලුවන් මේක මොන විකාරයක්ද කියලා මේ. නමුත් කෙනෙකුගේ ජීවිතයට එන ආශාවන් , හිතෙර් තද කරන් ඉද්දි තමා එක මනසට වෙහෙසක් වෙන්නේ. නමුත් ඒ හීන හීන විදියටම තියා ගන්නේ නැතුව ඉෂ්ට කරගන්න බැරි කමක් නෑ අපිට. මාත් එදා මෙක මොන මගුලක්ද කියලා යන්න ගියානන්ම්, මේ මිනිසුන් තිදෙනාම මට මග ඇරෙන්න තිබුනා. නමුත් ඒක එහෙම උනේ නෑ. නමුත් මං කියන් ආවේ අලීම් ඩාර් ගැන ..ඇත්තටම ඔහු මට වීරයෙක් . 


මේ ඔහු ගැන කෙටි විස්තරයක්. ලොකු දෙයක් ලියන්න වෙලාවක් නෑ. ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ විනිසුරුවරුන්ගේ සංගමයේ ප්‍රමුඛ සාමාජිකයෙක්. ඒ විතරක් නොවේ ඔහු අවස්තා තුනකදීම වසරේ හොදම විනිසුරුවරයා ලෙස පිට පිටම  සම්මානයට ප්‍රාත්‍ර වුණා. ඒ 2009.2010 සහ 2011 යන වර්ෂයන් වලදී. ඊට අමතරව 2015 සහ 2016 වසරෙදිත් ඔහු අවසන් විනිසුරුවරයන් තිදෙනා අතරට ආවා. ඔහු මේ වන විට ටෙස්ට් තරග 111 කටත්, එක්දින තරග 184 කටත් විස්සයි විස්ස තරග 41 එකකටත් තමන්ගේ දායකත්වය සපයලා තියෙනවා. ඒ අනුව මොහු මේ වන විට තරග 336 විනිසුරුවරයෙකු වශයෙන් කටයුතු කරලා තියෙනවා. ඉතින් මේ වගේ පොඩි සටහනක් තියන්න හිතුනෙ ඔහු අද ඔහුගේ 49 වන උපන්දිනය සමරන නිසා. ඔහු මෙලෙස විටෙක පවසා තියෙනවා. 

" My six months daughter died during  world cup 2003 ,but My wife did't tell me for a month
 Because if I'D come back and my career world have been over " 

- Aleem Dar - 


ඔහු මොන වගේ පුද්ගලයෙක්ද කියලා මේ කියපු වචන ටිකෙන්ම තේරුම් ගන්න පුලුවන්. ඉතින් විනිසුරුතුමණි, ඔබට සුබම සුබ උපන්දිනයක් වේවා ! 

-සමීර ගොඩපිටිය -
(2017/5/6) 



Post a Comment

Whatsapp Button works on Mobile Device only

Start typing and press Enter to search