Saturday, May 6, 2017

එක්දින සීමිත ඕවර ක්රිකට් තරග ඇරඹුනු හැටි

හැත්තෑවේ දශකය ආරම්භ වන්නේ, ජගත් ක්රිකට් වංශ කතාවට අලුත් පරිච්ජේදයක් එක් කරමිනි. ඒ වන විට ක්රිකට් පිටියේ මුල් බැස ගෙන තිබුනේ,ටෙස්ට් තරග හන්දා, ලෝ පුරා ක්රීඩාලෝලිනට ඊට එහා අලුත් යමක් ගැන හිතන්නට තරම් අවශ්යතාවයක් මතු උනේ නැහැ. එහෙත්
මේ වෙන විට ජගත් ක්රිකට් පිටියේ යම් වෙනසක් අපේක්ශා කළ උදවියත් නොසිටියා හෙම නොවෙයි.ලෝකය වෙනස් කලේ මේ
වගේ අලුතින් සිතන්නට උත්සාහ කළ මිනිසුන් විසින්..


එංගලන්ත කණ්ඩායම ( එක් කාලවකවානුවකදී ) 
ඔන්න ඔය වකවානුවක තමයි, 1970-71 ගිම්හාන
සමයේ එංගලන්ත ක්රිකට් කණ්ඩායම
ඕස්ට්ර්රේලියාවේ සංචාරය කලේ. එවකට
එංගලන්ත කණ්ඩායමේ නායකත්වය දැරුවේ
#රේ_ඉලිංවර්ත්. ඕස්ට්රේලියානු පිළ මෙහෙය වූයේ #බිල්_ලෝරී විසින්.


දෙරට අතර තුන්වන ක්රිකට් තරගය පැවත්වීමට නියමිතව තිබුනේ වික්ටෝරියා ප්රාන්තයේ දැකුම්කලු මෙල්බෝර්න් ක්රිකට් ක්රිඩාංගණයේදී. එහෙත් මුල් දිනයේ පටන්ම එම තරගයට අධික වර්ෂාවෙන් බාදා පැමිනුණා.එකදු පන්දුවක්වත් යවන්නට නොහැකිව තරගයේ අවසන් දවසත් එලබුනා. ක්රීඩා ගාරයට වී දෙපිලේම ක්රීඩකයන් පිට්ටනිය දෙස බලා සිටියේ හරිම අලස අයුරින්.මේ අතර මෙල්බෝර්න් ක්රිකට් ක්රිඩාංගණයට පැමිණ සිටි ප්රේක්ශකයොද බලා සිටියේ බලාපොරොත්තු කඩවුනු දෑසින්.

තරගය වැස්සට සේදී ගිය කම්මැලි හැන්දෑවක මෙල්බෝර්න් ක්රිකට් ක්රීඩාංගණයේ කොනක බියර් වීදුරුවක් තොලගාමින් අල්ලාප සල්ලාපයේ යෙදී සිටී ක්රිකට් ලොවේ දැවැන්තයන් දෙදෙනෙකුට හරිම අපූරු අදහසක් පහල උනා. මොවුන් දෙදෙනා තමයි මෙතුවක් ලොව බිහිවු ශ්රේෂ්ටතම ක්රිකට්
ක්රීඩකයා ලෙස අවිවාදයෙන් යුතුව හැදින්වෙන
#ශ්රීමත්_ඩොනල්ඩ්_බ්රැඩ්මන් සහ සංචාරක
එංගලන්ත කණ්ඩායමේකළමණාකරු #ඩේවිඩ_ක්ලාර්ක්. දෙදෙනා අතර පැවති සුහද කතාබහ ලෝක ක්රිකට් ඉතිහාසයේ #අපූරු_පෙරළියකට මුලපුරන්නට තරම් තුඩු දේවී කියලා එදා කිසිවෙක් නොසිතන්නට ඇති.


ප්රේවේශපත් අරගෙන නොකඩවා මෙල්බෝර්න්
ක්රීඩාංගණයට පැමිණි දහස් සංඛ්යාත
ක්රිඩා ලෝලීලීන් වෙනුවෙන් සාධාරණය ඉෂ්ට
කරන්න ඕනා යැයි සිතාගෙන අලුත් යමක් අත්
හදා බලන්නට එදා බ්රැඩ්මන් සහ ක්ලාර්ක්
කල්පනා කළා. ඔවුන් දෙදෙනා මේ අපූරූ අදහස
එදා හැන්දෑවෙම තරග සංවිධායකයන් වෙත ඉදිරිපත්
කළා. ටෙස්ට් තරගය ඒ වෙන විට මුලු මනින්ම වාගේ වැස්සට සේදි ගොස් ගෙන තිබූ හින්දා තරග්ව්සංවිධයකයනමේ නැයුම් යෝජනවා ට එක පයින්ම කැමති උණා.

ඒ අනුව ටෙස්ට් තරගයේ අවසන් දිනය වූ 1971 වසරේ
ජනවාරි 5 වෙනිදා මෙල්බෝර්න් ක්රීඩාංගණයේදී
එංගලන්තය සහ ඕස්ට්රේලියාව අතර එක්දින සීමිත
ඕවර ක්රිකට් තරගයක්
පවත්වන්නට තරග සංවිධයකයින් ලහි ලහියේම සියකු
කටයුතු සූදානම් කළා. මේ තීරණය නිසා හරියට
බ්රැඩ්මන් සහ ක්ලාර්ක්ගේ 'ඉහේ මලක් පිපුණා වගෙයි. 

තරගය පන්දු ඕවර 40 කට සීමා වෙද්දි මෙල්බෝර්න්
ක්රීඩාංගණයට එක්රොක් උණු 46000 අදික
ක්රීඩාලෝලීන් ප්රීතියෙන් ඉපිලුණ. ඔවුනට මෙය අතිශය
ආස්වාදජනක නැවුම් අත්දැකීමක් බවට පත් වුනා.
එතෙක් ක්රීඩාගාරයට වී අලසව සිටි දෙපිලේම
ක්රිඩකයන්ට මෙය අලුත් අත්දැකීමක් උනා. ඒ දවස්වල
පන්දු ඕවරයකට අද වගේ නෙවෙයි පන්දු 8 ක් ඇතුළත්.
අවසානයේ බිල් ලෝරිගේ නායකත්වයෙන් පිටියට පිවිසි
ඕස්ට්රේලියානු පිළ එංගලන්තය පරදා
ජයග්රහණය කළා . අගනා අර්ධ ශකතකයක්
වාර්තා කළ එංගලන්තයේ ජෝන් එඩ්ර රිච් තමා
තරගයේ වීරයා උනේ.


ඔන්න ඔය විදියට තමයි ජගත් ක්රිකට් පිටියේ නිල එක්දින
ඕවර තරගය ට අඩිතාලම වැටුනේ.
මේ අසිරිමත් තරගයෙන් අනතුරුව ලෝ පුරා ක්රිකට්
ක්රීඩා ලෝලීන් එක්දින ක්රිකට් තරග වලට වසග උනේ.
සම්ප්රදායික ටෙස්ට් තරග පමණක් නැරබීමෙන් හෙම්බත්ව
සිටී ක්රිකට් ක්රීඩා ලෝලින්ට මෙයින් දැඩි ආස්වාදයක්
ලැබුණා. ඇත්තෙන්ම ටෙස්ට් තරග වලට වඩා වැඩි ජීව
ගුණයක් ,තරගකාරිත්වයක් මෙන්ම අපුර්ර්වත්වයක්
එක්දින තරග වලින් ලැබුනා.
ඕස්ට්රේලියානු පිළේ 1972 එංගලන්ත සංචාරයේදී
පැවති ටෙස්ට් තරග 6 ට අමතරව දෙරට අතර ඕවර 55 කට
සීමා වුනු එක්දින තරග 3කින් සමන්විත ක්රිකට්
තරගාවලියක් පවත්වන්නට තරග සංවිධායකයන්
පියවර ගත්තේද, ඒ වන විට එක්දින තරග කෙරෙහි ක්රීඩා
ලෝලීන් තුළ පැවති මේ අසීමිත ජනප්රියත්වය නිසාය.

එම එක්දින තරගාවලිය පැවැතුනෙ
"පෘඩෙන්ෂල් කුසලානය " වෙනුවෙන් තරග
තුන පැවතුනේ ඕල් ට්රැෆැල්ඩ්,ලෝඩ්ස් සහ එඩිප්බැස්ටන් වලදීය.
ලොව ප්රතම එක්දින සීමිත ක්රිකට් තරගාවලියේ ජය
එංගලන්තය සතු වුයේ 2 ට 1 ක් ලෙසය.මෙම
තරගාවලියෙන් හොද ආදායමක් උපයන්නට තරග
සංවිධායකයින් සමත් උනා. ප්රවේශපත් අලෙවියෙන්
පමණක් ලැබුණු ආදායම ස්ටර්ලිං පවුම් 46 000 ක්...

එක්දින තරග කෙරෙහි පැවති මේ අසීමිත ජනප්රියත්වය
නිසා ම එවකට ක්රිකට් ගහපු රටවල් සියල්ල
සහබාගිකරවාගෙන ජාත්යන්තර එක්දින සීමිත
ඕවර ක්රිකට් තරගාවලියක් පවත්වන්න කියලා
අන්තර් ජාතික ක්රිකට් කවුන්සලය (ICC) ලොව දසතින්
යෝජනා ගලා ආවා. එහි ප්රතිපළයක් වශයෙන්
තමයි 1975 දී ලොව ප්රථම ලෝක කුසලාන ක්රිකට්
තරගාවලිය පිළිබද සංකල්පය පෙරළියට ආවේ..

- සමීර ගොඩපිටියයෙන් -

Post a Comment

Whatsapp Button works on Mobile Device only

Start typing and press Enter to search