Saturday, May 6, 2017

ඉණිම් දෙකේදීම ශතක රැස් කළ ප්‍රථම ශ්‍රී ලාංකිකයා....

ඉණිම් දෙකේදීම ශතක රැස් කළ ප්‍රථම ශ්‍රී ලාංකිකයා....


1982 වසරේ ශ්රී ලංකාවට ටෙස්ට් වරම් ලැබීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව සිය මංගල
ටෙස්ට් තර`ගයට සහභාගි වනු ලබන්නේ 1982 වසරේ හිරු නොබසිනා රාජ්යයත්
සමගිනි. ක්‍රිකට් ක්‍රීඩාවේ හිනි පෙත්තටම තරණය කොට ඇති ශ්රී ලංකාව වර්තමානය
වන විට ලෝකයේ කාගේත් කතා බහට ලක්වන කණ්ඩායම බවට පත් වී ඇත. ක්‍රිකට්
ක්රීඩාවට අවතීර්ණ වී මාස ගණනාවක් යාමට මත්තෙන් ශ්රී ලංකාව වෙනුවෙන්,
ටෙස්ට් තර`ගයකදී ඉණිම් දෙක තුළදීම ශතක රැුස් කළ ප්රථම ශ්රී ලාංකිකයා බවට
පත්වීමට දුලිප් මෙන්ඩිස්ට හැකියාව ලැබුණි.
1980 වසර ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ සුවිශේෂී වසරක් විය. එනම් මංගල
තර`ගයට සහභාගි වීමත්, ජාත්යන්තර ක්රිකට් පිටියට පා තැබීමත් හේතුවෙන්
සුවහසක් ක්රිකට් ලෝලීන්ගේ ඒකායන බලාපොරොත්තුවක් ඉටු වූ වසරක් යැයි කිව
හැකිය. මෙවන් අවධිය තුල ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම ඉන්දියාවේ සංචාරයක්
ස`දහා සහභාගි වනු ලබන්නේ. මෙම තර`ගය ශ්රී ලංකාව සහ ඉන්දියාව අතර මංගල
ටෙස්ට් තර`ගය ලෙස ඉතිහාස ගත වෙද්දී, ශ්රී ලංකාව වෙනුවෙන් නොමැකෙන මතකයක
වාර්තාවක් ශ්රී ලාංකිකයන් සතු කරන්නට දුලිප් මෙන්ඩිස්ට හැකියාව ලැබුණි.


1984 එංගලන්ත සංචාරයේදී ගත් සේයාරුවක්..



චිදම්බරන් ක්රීඩාංගණයට එදා අලූත් ඉරක් පායා ඇතැයි වරකට සිතේ.
ඉන්දියානුවන් තම නිජ බිමේදී අපට එළව එළවා පහර දෙන්නට සිතා පිටියට
පිවිසෙන්නට ඇති. නමුත් සියල්ල සිහිනයක් බවට පත් කරමින්, තර`ගය
ජයපරාජයකින් තොරව අවසන් කිරීමට ශ්රී ලංකාට හැකියාව ලැබුණි. ඉන්දියාව කියූ
පමණික් අපට හිතට එන්නේ පඩ ෂෝ රටක් කියාය. නමුත් ඔවුන් ක්රිකට් අතින්
ඉදිරියෙන් සිටිනා බව අපි කවුරුත් දන්නා කරුණකි. නමුත් ශ්රී ලංකාව හමුවේ
ඉන්දියාව දණ ගැසූ අවස්ථා මෙන්ම අප ඔවුන් ඉදිරියේ දණ ගැසූ මොහොතවල්ද
නැතුවම නොවේ.




1982 වසරේ ඉන්දියාව සමග පැවැති මංගල ටෙස්ට් තර`ගයේ දී කාසියේ වාසිය
ජයග්රහණය කළ ශ්රී ලංකාව ප්රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කරන ලදී.
ආරම්භය එතරම් සාර්ථක නොවූ  මොහොතක තුන්වන කඩුල්ල ස`දහා රෝයි ඩයස් සහ උප
නායක දුලිප් මෙන්ඩිස් අතර ලකුණු 153 අගනා සබ`දතාවයක් දැකගත හැකි විය.
රෝයි ඩයස් ලකුණු 60 ක් රැුස් කිරීමට සමත් වූ අතර දුලිප් මෙන්ඩිස් පන්දු
123 කදී හතරේ පහර 17 ක් සහ එක් හයේ පහරක් සමගින් ලකුණු 105 ක් රැුස්
කිරීමට සමත් වූයේ ඔහුගේ සිය මංගල ටෙස්ට් ශතකය චිදම්බරන් ක්රීඩාංගණය
තුළින් ශ්රී ලංකා අභිමානය අහස් ගැබට මුදා හරිමිනි. ශී ලංකා පළමු ඉනිම
ලකුණු 345 කට සීමා වෙද්දී ඉන්දීය පළමු ඉණිම ස`දහා ලකුණු 566 ක් ලබා ගන්නා
ලදී. එහිදී සුනිල් ගවස්කාර් සහ සන්දීප් පටෙල් අගනා ශතක ලබා ගනිමින්
ඉන්දීය ඉණිම ශක්තිමත් කරන්නට විය.

1984 වසරේ එංගලන්තයට එරෙහිව ශතකය හබා යන අයුරු..

නැවතත් දෙවන ඉණිම ආරම්භ කළ ශ්රී ලංකා කණ්ඩායම, ආරම්භක පිතිකරු එවරද
ආසර්ථක වීම හේතුවෙන් රෝයි ඩයස් හා දුලිප් මෙන්ඩිස් ට එවරද දැඩි පීඩනයක්
එල්ල වන්නට විය. රෝයි ඩයස් දෙවන ඉනිම තුලදී ලකුණු 98 ක් රැුස් කිරීමට
සමත් වුවද ඔහුගේ ශතකය උදුරා ගැනීමට ඉන්දියානුවන් සමත් වෙද්දී අනෙක් පසින්
ශ්රී ලංකා කණ්ඩායමේ බර දෝතට ගත් දුලිප් මෙන්ඩිස්ගේ පිත්ත නැවතත්
විදම්බරන් ක්රීඩාංගණයේ පේ්රකෂකයන් මවිතයට පත් කරන්නට විය. මිනිත්තු 236
ක් තුලදී තවත් ලකුණු 105 ක් රැුස් කළ දුලිප් මෙන්ඩිස් ඉනිම් දෙකේ දීම ශතක
රැුස් කළ ප්රථම ශ්රී ලාංකික පිතිකරුවා ලෙස ඉතිහාසයට එක් විය.
රෝයි ඩයස් හා දුලිප් මෙන්ඩිස්ගේ පිත්ත එවරද ක්රියාත්මක නොවිණිනම් ශ්රී
ලංකා කණ්ඩායමට දරුණු පරාජයකට මුහුණ දීමට සිදුවන්නට ඇත. නමුත් අනුර රණසිංහ
ද ලකුණු 77 කින් ශ්රී ලංකා ඉණිම ශක්තිමත් කළ අතර, ශ්රී ලංකා පිලේ සියලූ
දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 394 ක් පමණි. ජයග්රහණය ස`දහා මිනිත්තු
53 ඉතිරිව තිබියදී පිටියට පිවිස ඉන්දියානු කණ්ඩායම පන්දුවාර 20 තුළ ලකුණු
175 ක ඉලක්කයක් හිමි විය. නමුත් ඉන්දීය ඉණිම මැනවින් පාලනය කළ අසන්ත ද
මැල් විශිෂ්ඨ පන්දු යැවීමක් ප්රදර්ශනය කරමින් ලකුණු 68 කට කඩුලූ 05 ක්
බි`ද හෙලීය. තර`ගය අවසාන වන විට ඉන්දීය ලකුණු පුවරුව කඩුලූ 05 කට ලකුණු
94 ක් ලෙසින් දිස්විය. මේ හේතුවෙන් ඉන්දු-ලංකා මංගල ටෙස්ට් තර`ගය ජය
පරාජයකින් තොරව අවසන් විය.



දුලිප් මෙන්ඩිස් ශ්රී ලංකාව වෙනුවෙන් ඉණිම් දෙකේම ශතක ලැබූ ප්රථම
ලාංකිකයා බවට පත් වෙද්දී, එම දක්ෂතාවය ඉදිරිපත් කළ සෙසු ශ්රිලාංකික
ක්රීඩකයන් වනුයේ අසංක ගුරුසිංහ, අරවින්ද ද සිල්වා, තිලකරත්න ඩිල්ෂාන්,
කුමාර් සංගක්කාර් යන ක්රීඩකයන් පමණි. එහිදී ද කුමාර් සංගක්කාර් සහ
අරවින්ද ද සිල්වා මෙම දක්ෂතාවය දෙවතාවක් පෙන්නුම් කිරීමට සමත් ව ඇත.

- සමීර ගොඩපිටිය -


Post a Comment

Whatsapp Button works on Mobile Device only

Start typing and press Enter to search