Wednesday, May 3, 2017

ජයග්‍රහණයේ පාරාදීසයක් බදු ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය…

හැමදාමත් වාගේ අප කතා කරන්නේ ක්‍රිකට් ක්‍රීඩකයෙකු ගැන හෝ යම් වාර්තාවක් පිළිබදවයි. නමුත් අද එයින් ඔබ්බට ගොස් ජයග්‍රහණයට වාසනාව පාදන ගාලු ක්‍රිකට් පිටියේ ඓතිහාසික පසුබිම සොයා බලන්නට අදහස් කළෙමි.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය




ශ්‍රී ලාංකීය ක්‍රිකට් වංශ කතාවේ එදා මෙදා තුළ ටෙස්ට් ජයග්‍රහණ වැඩි ප්‍රමාණයක් දේශීය බිමේදී ශ්‍රී ලංකාව සතු වී ඇත්තේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය තුළදීය. මේ වන විට ගාල්ලේදී තරග 29ක් පවත්වා ඇති අතර ඉන් ටෙස්ට් ජයග්‍රහණ 17 ක්ම ලබා ඇත්තේ ශ්‍රී ලංකාව විසිනි. තරග 6 ක් ජය පරාජයෙන් තොරව අවසන් වී ඇති අතර ඉතුරු තරග 6 පමණක් විදේශීය කණ්ඩායම් විසින් ජයග්‍රහණය කොට ඇත.මෙකී ජයග්‍රහණයන් පසුබිම මත ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ පාරාදීසයක් බවට පත් වීමට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගනය හැකියාව ලැබී ඇත. ලංකාව තුළ පවතින ක්‍රිකට් ක්‍රිඩාංගණ අතුරින් කාගේත් නෙත් පිනවන ක්‍රීඩාංගණයක් බව එකී පිහිටීම මත පෙනේ. ගාලු පුරේ අග නගරේ සිරි යනුවෙන් ආදී මුතුන් මිත්තන් ගාලු නගරය වර්ණනා කර ඇත. එකී වර්ණනාවට සාධක්යක් බවට අද වන විට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පිහිටීමද බලපා ඇති බව කිව යුතුය. ගාලු නගරය මැදි කර ගනිමින් ගාලු කොටු පවුරේ සුන්දරත්වය මැද, ඉන්දියන් සාගරයේ සුන්දරත්වයත් මනාව නෙත් අගට ගෙන එන ගාලු ක්‍රිකක්ට් ක්‍රීඩාංගණය කාගේත් සිත්ගත් පාරාදීසයක් බවට මේ වන විට පත්ව ඇත. දේශීය මෙන් ම විදේශීයන්ගේද ඉමහත් ආදරයට සහ ගෞරවයට පාත්‍ර වන ක්‍රීඩාංගණයක් බව අවිවාදයෙන් යුතුව ප්‍රකාශ කළ හැක. මේ හේතුවෙන් තරග 3 කින් යුත් ටෙස්ට් තරගාවලියක්දී පළමු තරගය බොහෝ සෙයින් ගාල්ලට දෙනු ලබන්නේ මේ වාසනාව නිසා විය හැක. මේ හේතුවෙන් ජයග්‍රහණයේ හැරවුම් ලක්ෂයක් බවට ගාල්ල ක්‍රීඩාංගණය පත්ව තිබීම සතුට කරුණකි. 

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගනයේ ඉතිහාසය දෙස බැලීමේදි , 1876 දී මෙය ආරම්භ වී ඇත්තේ තුරග තරග පැවැත්වීමේ ක්‍රීඩාංගණයක් ලෙසිනි. අනතුරුව P.A ටෙම්ප්ලර් මහතාගේ යෝජනාවක අනුව ගාල්ල මහ නගර සභාවේ දායකත්වයෙන් අවසානයේ තුරග තරග පැවත්වීම අවසන් කරමින් ක්‍රිකර් ක්‍රිඩාවට සුදුසු තත්වයට සකසන ලදි. ඒ අනුව ප්‍රථම වරට 1927 දී මෙය ක්‍රිකට් ක්‍රිඩාංගණයක් බව ස්තීරවම ප්‍රකාශ  කරමින් 1984 දී පළමු පෙළ තරගයක් පවත්වන්නට යෝජනා ඉදිරිපත් වී ඇත. අවසානයේ ටෙස්ට් ක්‍රිඩාංගනයක් වශයෙන් ප්‍රකාශයට පත් කරමින් 1998 වසරේදී ප්‍රථම ටෙස්ට් තරගය ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පවත්වා ඇත. එහිදී ඉණිමක සහ ලකුණු 16 ක විශිෂ්ට ජයක් ලබන්නට ශ්‍රී ලංකාවට හැකියාව ලැබිණි. එදා ආ ගමන් මග ඔස්සේ මේ  වන විට ගාලු පිටිය රජ කරවන්නට ශ්‍රී ලංකාව සමත් වී ඇත. බොහොමා සෙයින් ගාලු ටෙස්ට් තරගය ජය ගැනීමට නොහැකිමන්ම් එය ජය පරාජයෙන් තොරව හෝ නවතා ගැනීමට තරම් ශ්‍රී ලංකාවට ගාල්ලේදී වාසනව ලැබු අවස්තා බොහෝය. 1998 වසරේදිම ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර එක්දින තරගයක් පැවඇත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබුනද ගාලු පිටියට ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් එම තරගට පැවැත්වීමට හැකියාව නොලැබුණි. 

සුනාමියෙන් විනාශයට පත් වූ ගාල්ල ජත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය පිලිසකර කිරීමට වෝන් මුරලිගේ සහය ලැබුණි. මේ ඒ අවස්තාව හා සම්බන්ද රූපරාමුවකි.


2004 දී ලංකාවට බලපෑ සුනාමී තත්වය හේතුවෙන් සම්පූර්ණයෙන්ම ක්‍රිඩාංගණය විනාශයට පත් වු අතර නැවතත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නැවතත් අංග සම්පූර්ණ ක්‍රිකට් ක්‍රිඩාංගණයක් බවට 2007 වසරේදී ප්‍රකාශයට  පත් කරන ලදි. එදිනම ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ටෙස්ට් තරගයකින් ආරම්භ වූ අතර එම තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. අංග සම්පූර්ණ වායු සමීකරණය කරන ලද ක්‍රිඩා මණ්ඩප්පයකින් යුතුව සකසා ඇති අතර ඒ මත නරඹනන්නන් 700 කට අධික සංඛ්‍යාවකට පහසුකම් සලසා දී ඇත. 

මෙම ක්‍රීඩාංගණයේ විශේෂත්වය වන්නේ බොහෝ සෙයින් තණතිල්ල ශ්‍රී ලංකාවට වාසිදායක වන අයුරින් හැසිරීම නිසාවෙනි . ලෝක පූජිත ක්‍රීඩකයෙකු බවට පත්ව සිටින මුත්තයියා මුලරිදරන් වැනි විශිෂ්ටයන්ගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක් බවට පත් වූයේද මෙම ක්‍රීඩාංගණයේදී ඉන්දීයවට එරෙහිව කඩුලු 800 සම්පූර්ණ කිරීමත් සමගිනි. එහිදී ඉන්දීය ක්‍රිඩක ප්‍රගන් ඕජා මහේල ජයවර්ධන්ගේ අතට උඩපන්දුවක් ලබා දෙමින් මුරලිගේ වාර්තාවේ අවසාන කඩුල්ල ලෙස දැවී ගියේ ලෝකය ඉදිරියේ මුරලි අංක එක බවට පත් කරමිනි. ඊට අමතරව පහුගියදා අවසන් වු බංග්ලාදේශ ශ්‍රී ලංකා ටෙස්ට් තරගය අතර තුරදී රංගන හේරත්ද ලෝක වාර්තා අතරට එක් වූයේ වමත් දග පන්දු යවන්නෙකු ලබා ගත් වැඩින ටෙස්ට් කඩුලු සංඛ්‍යාව තමන් සතු කර ගනිමිනි. ඒ වාගේම මෙ වන විට තරග 29 පවත්වා ඇති අතර එයින් ඉණිමකදී රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස සටහන් වනුයේ බංගලාදේශය ශ්‍රී ලංකාවට එරෙහිව 2013 වසරේදී ලබාගත් ලකුණු 638 වේ. ඒ වාග් ම ඉණිමක අඩුම ලකුණු සංඛ්‍යාව ලෙස සටහන් වනුයේ සිම්බාබ්වේ ලබාගට්ග් ලකුණු 79 යි.  

මුරලිගේ ඓතිහාසික කඩුලු 800 සම්පූර්ණ වූ ඒ සුන්දර මොහොත..


ක්‍රිකට් ක්‍රීඩාවට වාසනාවක් වන් ගාල්ල ක්‍රීඩාංගණය ටෙස්ට් ක්‍රිකට් ක්‍රිඩාවට මෙන් ම එක්දින විස්සයි විස්සයි තරග වලටද යොදා ගත හැකිනම් අපට මීට වඩා ජයග්‍රහණය ප්‍රමාණයකට යා හැකි වේ යැයි විටෙක සිතෙ. එහෙට්ග් එයට බාධකය වී ඇත්තේ, දිවා රාත්‍රි තරග පැවැත්වීමට නම් විදුලි ආලෝක පුවරු සවි කිරීමට ඇති නොහැකියාව නිසාවෙනි . එනම් ජාතික වස්තුවක් බදු ගාලු කොටු පවුර ඒ තුලින් වැසී යන හේතුවෙන් මෙම ක්‍රීඩාංගණය ටෙස්ට් ක්‍රිකට් ක්‍රිඩාංගණයක් බවට පමණක් භාවිතයට ගැනීමට සිදුව ඇත . කෙසේ වෙතත් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට ජීවයක් බදු ගාලු ක්‍රිකට් ක්‍රීඩාංගණය තුළින් ඉදිරියේදීද විශාල ජයග්‍රහණයන් බිහිවේවායි අපි ප්‍රාර්තනය කරමු . 

සමීර ගොඩපිටිය 

Post a Comment

Whatsapp Button works on Mobile Device only

Start typing and press Enter to search