Monday, May 8, 2017

මල් මාසෙන් අවසන් වන IPL වසන්තේ...

ක්‍රිකට් කරළියේ ආකර්ෂණය දිනාගත්, ඉන්දියානුවන්ගේ පමණක් නොව සමස්ත ක්‍රිකට් ලෝලීන්ගේම අවදානයට ලක්වන ක්‍රිකට් තරගාවලියක් බවට IPL තරගාවලිය මේ වන විට කාගේත් කතා බහට ලක්වෙයි . 



කවුරුන් කෙසේ කීවත්, ඉන්දියාව ක්‍රිකට් අතින් ඉදිරියෙන් සිටින බව අවිවාදයට කරුණකි.ඉන්දීය ක්‍රිකට් මණ්ඩලය ක්‍රීඩකයන්ට උපරිමයෙන් සලකන බව පෙනේ. ක්‍රිකට් යනු ඉන්දියාවේ ප්‍රධාන ආහාර්යක් බවට අද වන විට පත්ව ඇත.ඒ තරමට එයට වශී වූවන් කරළියට එන්නේය. ඔවුන් එයින් උපරිම වින්දනයක් ලබන්නේය. අවුරුද්ද පුරාම ඔවුන්ට උත්ස්ව වැනිය. IPL යනූ එහි එක් සන්දිස්තානයක් පමණි. බක් මහේ සැණ කෙළිය ලාංකිකයන්ට උදා වෙද්ද්, ඉන්දියාවේ ක්‍රීඩා පිටි මහා ජන ගගෙන් උතුරා යන්නේය. එහි ජය කෙහෙළි නැංවෙන්නේය. අපි එහෙත් එහි රසිකයෝ පමණක් වී ඇත. අපි එහි රසය පමණක් විදින්නේය. අපටම කියා දෙයක් රස විදීමට අපට නැත. ලංකාවට අවශ්‍ය වන්නේ මෙවන් තරගාවලියක් ය. IPL පිටිය දෙස් විදෙස් ක්‍රීඩකයන්ගෙන් පාරාදීසයක් බවට මේ වන විට පත්ව ඇත. ඔවුන්ගේ හැකියාවට හොද මුදලක් ලැබෙන්නේය. මේ හේතුවෙන් කවුරුත් IPL යන්න පොර බදන බව පෙන්. 





IPL තරගාවලිය කෙතරම් සුන්දර වුවද , එකී ආ ගමන් මග දෙස බැලීමේදී එය කතා නොකරම බැරි තරම්‍ ය. ඉන්දියාවන් 2007 වසරේ පැවති ලෝක කුසලාන තරගාවලියේදී පළමු වටයෙන්ම ඉවත් වීමට සිදු විය. මේ හේතුවෙන් ඉන්දීය ක්‍රිකට් ලෝලීන්ට ක්‍රිකට් ක්‍රීඩාව එපා වෙන තත්වය්ට පත් විය. එකී කාල වකවානුව තුළ ඉන්දියාවේ ජයකෙහෙළි වෙනුවට ක්‍රීඩකයන්ට හිමි වූයේ ගුටි බැට සහ අපවාදයන් පමණි. . ගිනි තැබීම් ඒ මේ අත පැතිරෙන්නට විය. මිනිසුන්ට ක්‍රිකට් ක්‍රීඩාව ඒ තරමට එපා වූ අවධියක් බවට පත් වූයේ මේ නිසාය. මේ හේතුවෙන් ඉන්දීය කණ්ඩායමේ නායකත්වයේ පවා වෙනසක් සිදු විය . රාහුල් ඩ්‍රාවිඩ්ගේ නායකත්වය මහේන්ද්‍ර සිං දෝනි වෙත හිමි වීමත් සමගින් ඉන්දීය කණ්ඩායම නව මගකට යොමු විය. 2007 ලෝක කුසලානයේදී ඉන්දියානුවන් අපගෙන් සහ බංග්ලාදේශය හමුවේ පරාජයට පත් වීම හේතුවෙන් එවර ලෝක කුසලානය හීනයක් පමනක් විය. නමුත් එම වසරේම පැවති පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශූරයන් බවට පත්වන ඉන්දියානුවන් යටතේ පරාජයට පත්වනු ලබන්නේ ප්‍රබල පකිස්තාන කණ්ඩායම වේ. මේ හේතුවෙන් එදා පටන් ඉන්දියාව තුළ විස්සයි විස්ස තරග සදහා දැඩි ඉල්ලුමක් පැවතුණි. මේ හේතුවෙන් පළමු වරට ඉන්දියාව තුළ ඉන්දීය ප්‍රීමියර් ලීග් යනුවෙන් තරගාවලියක් පවත්වන්නට ඉන්දීය පාලකමණ්ඩලය තීරණය කරන්නට විය. 



මේ හේතුවෙන් ප්‍රථම IPL තරගාවලිය 2008 වසරේදී , කණ්ඩායාම් 8 ක සහභාගීත්වයෙන් පවත්වනු ලැබූ අතර එහිදී අවසන් මහා තරගයේදී චෙන්නායි සුපර් කිං කණ්ඩායම පරදා කඩුලු 03 ක විශිෂ්ට ජයක් ලබන්නට රාජස්තාන් රෝයල කණ්ඩායමට හැකියාව ලබුනි. ප්‍රථම IPL ශූරයෝ බවට රාජස්තාන් පිළ ජය සමරද්දී , තරගයේ වීරයා බවට පත් වූයේ ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ශේන් වොට්සන්‍ ය.නැවතත් 2009 වසරේදී පැවති IPL තරගාවලියේ දී රෝයල් චැලෙන්ජස් බැංගලෝර් පිළ පරදා ලකුණු 6 ක තියුණු ජයක් ලබන්නට ඩෙකෑන් චාර්ජස් කණ්ඩායමට හැකියාව ලැබුණි. නැවතත් 2010 වසරේ පැවති තරගාවලියේදී මුම්බායි ඉන්දියන් පිළ පරදා ලකුණු 22 ක ජයක් ලබන්නට දෝනි ප්‍රමුඛ චෙන්නායි සුපර් කිං පිළට හැකියාව ලැබුණි. එවර තරගාවලියේ වීරයා බවට පත් වූයේ සචින් තෙන්දුල්කාර් විසිනි. නැවතත් 2011 වසරේ පැවති තරගාවලියේ ද ශූරයන් බවට පත් වූයේ චෙන්නයි කණ්ඩායම විසිනි. 2012 වසරේ වැවති තරගාවලියේදී පිට පිට දෙවරක්ම ශූරයන් බවට පත් වූ චෙන්නායි පිළට එවර අනුශූරයන්ගෙන් සෑහීමට සිදුවිය. එවර ශූරයම් බවට පත් වූයේ බොලිවුඩ් නලු ශාරුක් ඛාන්ගේ ප්‍රධානත්වයෙන් යුතු කොල්කටා නයිට් රයිඩර් කණ්ඩායම යි. මේ හේතුවෙන් IPL තරග වෙත යොමුවන ප්‍රමාණය අදික විය. වසරින් වසර IPL තරග බිම උණුසුම් වන්නට විය .ක්‍රීඩකයන්ගේ දක්ශතා ඔප්නැංවෙන තරගාවලියක් බවට මේ වන විට IPL හරහා සිදු වෙමින් පවතී. නැවතත් පෙර මෙන් ම 2013 වසරේද හොද තරගාවලියකට අඩිතාලම වැටුනු අතර එවරද IPL ඉතිහාසයේ සාර්තකම කණ්ඩායම බවට පත් ව තිබු චෙන්නායි පිළ පරදා ලකුණු 23 ජයක් ලබමින් එවර ශූරයන් බවට පත් වන්නට මුම්බායි ඉන්දියන් පිළට හැකියාව ලැබුණි.නැවතත්  2014 පැවති තරගාවලියේදී ශාරුක් ඛාන්ගේ ප්‍රදානත්වයෙන් යුතු කොල්කටා පිළ IPL තරග ඉතිහාසයේ දෙවන වරටද ශූරයම් බවට පත් විය. නැවතත් 2015 වසරේ චෙන්නායි පිළ අවසන් මහා තරගයේදී පරාජයට පත් කරමින් මුම්බායි පිළ එවර ශූරයන් බවට පත් විය . පැවති සියලුම තරගාවලි වලට වඩා ඉතා ඉහළ තත්වයේ තරගාවලියක් පැවත්වීමට 2016 වසරේ IPL සංවිදායක මණ්ඩලය තීරණය කරන ලදි. ඒ අනුව එවර පළමු වරට ඩේවිඩ් වෝනගේ නායකත්වයෙන් යුතුව සන්රයිසස් හයිඩ්‍රාබාද කණ්ඩායම ශූරයන් වීමට හැකියාව ලැබුනි. මේ අනුව පෙනී යන්නේ IPL යනු  දීර්ඝ  ඉතිහාසයක් සහිත තරගාවලියක් බවයි. මෙවර පවත්වනු ලබන්නේ IPL තරග බිමේ 10 වන තරගාවාලිය වේ. මේ වන විට මෙවර තරගාවාලියේ හොදම මුල් කණ්ඩායම් අතර් පෙරමුනේ පසුවන්නේ කොල්කටා සහ මුම්බායි යන කණ්ඩායම් දෙක වේ. නමුත් අවසානය වනතුරුම අපට කවුරුන් ජය හිමි කර ගනිඋද නොගනීද යන්න යන්න කිව නොහැක. 



IPL ක්‍රිකට් ඉතිහාසයේ දක්ශතාවයන් දෙස අවදානය යොමු කිරීමෙදී මේ වන විට වැඩිම ලකුණු ලාබින් අතර පෙරමුනේ පසුවන්නේ ඉන්දීය ක්‍රීඩක සුරේශ් රෙයිනා  විසිනි. ඔහු මේ වන විට ලකුණු 4373 ලබා ගනිමින් IPL පිටිය ආක්‍රමණය කොට ඇත. IPL පිටියේ වැඩිම කඩුලු ලාභියා බවට පත් වෙමින් ලසිත් මාලිංග කඩුලු 147 බිද හෙලා ඇත. ශ්‍රී ලාංකික ක්‍රිඩකයන් අතරින් IPL තරග බිමේ  දක්ෂතා අතර සිටින එකම ක්‍රිඩකයා බවට ලසිත් මාලිංග පත්ව ඇත. ඔහු 2011 ව්රේ පැවති IPL තරගාවලිය් හොදම පන්දු යවන්නට හිමිවන දම් පැහැති හිස් වැසුම පවා හිමි කර ගැනීමට සමත් විය. ඒවාගේම වැදගත්ම ක්‍රීඩකයන් 5 දෙනා අතරද පළමු තැන හිමි වී ඇත්තේ ලසිත් මාලිංගට‍ය. IPL ඉතිහාසයේ හොදම ඉණිම ක්‍රිඩා කර ඇත්තේ කොදෙව් ක්‍රීඩක ක්‍රිස් ගේල් වන අතර ඔහු ලබාගත් ලකුණු සංඛ්‍යාව 175* කි. ඒවාගේම IPL ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම හයේ පහරවල් සංඛ්‍යාවක් එල්ල කර ඇත්තේද ක්‍රිස් ගේල් විසිනි. එනම් හයේ පහර 262 ක් සම්ගිනි. මේ අනුව ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවාලියේ ඉන්දියානුවන්ට වඩා දක්ෂතා අතර සිටිනුයේ විදෙස් ක්‍රීඩකයන් බව පෙනේ. කෙසේ නමුත් මෙය ඔස්සේ රට රටවල ජාතික් කණ්ඩායම් වලට තර්ජනයක් එල්ල නොවුනාමද නොවේ.




ඉන්දියාව IPL ගහද්දි, පකිස්තානය PPL ගසනු ලැබේ. බංග්ලාදේශයද BPL යනුවෙන් තරගාවලියක් පවත්ගෙන යන අතර ,ඕස්ට්‍රේලියාව කොහොමත් බිග් බෑශ් ක්‍රිඩා කරනු ලබයි. කොදෙව්වද කැරිබියන් ප්‍රීමියර් ලීග් යනුවෙන් තරවලියක් ක්‍රිඩා කරන මුත් ලංකාව තවමත් එහි රසිකයන් පමණක් බවට පත් වී ඇත . අපටද SLPL යනුවෙන් තරගාවලියක් තිබුනු බව මතකය. නමුත් එය අකලට පෑයු මලක් මෙන් පරව ගොස් ඇත.අපට අවශ්‍ය වන්නේ හොද තරගාවලියක් නොවේද ? බංගලාදේශය පවා මේ වන විට තරගාවලියක් දේශිය වශයෙන් පවත්වා ගෙන යන්නේනම් අපට හොද තරගාවලියක් පැවැත්වීමට නොහැකිද ? සිදුවිය යුත්තේ එයයි. ඒ ඔස්සේ තරුණ ක්‍රිඩකයන්ට ජාතික කණ්ඩායමට එන්න අවස්තාවක් සලසා දීමට හැකියාව ලැබේ. ඉදිරියේදී හෝ එවන තරගාවලියක් ගොඩ නැගෙන්නේනම් අපගේ ක්‍රිකට වාසනාවන්ත වෙනු ඇත. 

(මෙහි ඇතුළත් වනුයේ 2016 වන තෙක් පැවති තරග හා සැබැදි තොරතුරු වේ. මක්නිසාදයත්, මෙවර තරගාවලිය තවම අවසන් නොමැති හෙයින් එහි තොරතුරු මෙයට ඇතුළත් නොකරන ලදි.විශේෂයෙන් වාර්තා පිළිබදව )

සමීර ගොඩපිටිය 

3 comments:

Whatsapp Button works on Mobile Device only

Start typing and press Enter to search