Tuesday, May 2, 2017

බියකරු වූ සැදෑවක පිත්තෙන් ආලෝකය මැවූ බ්‍රෙන්ඩන් කුරුප්පු..

ක්රිකට් ක්රීඩාවට අවතීර්ණ වී කෙටි කාලයක් යාමට මත්තෙන් ශ්රී ලංකාවට නවසීලන්තයේ ක්රිකට් සංචාරයක නිරත වීමට අවස්තාවක් ලැබුණි. නමුත් නවසීලන්තය හමුවේ මුල් වරට රිදෙන්නම බැට කාපු අපිට ආයේ ක්රිකට් වලින් ඔලුව උස්සන්න හැකි වූයේ වසර ගනණාවකට පසුවය. මේ කාල වකවානුවෙන් අනතුරුව නැවතත් 1987 වර්ෂයේ නවසීලන්තය ශ්රී ලංකාවට දෙවනි වරටත් ටෙස්ට් තරගාවලියකට සහභාගී වීමට පැමිණියේ පෙර මෙන්ම අපට එලව එලවා පහර දෙන්නට විය හැක. නමුත් එවර තරගාවලිය ඊට හාත්පසින්ම වෙනස් වූ තරගාවලියක් බවට පත් විය.
කෙසේ වෙතත් , 1987 වර්ෂය කියූ පම්ණින් ශ්රී ලාංකීය දේශපාලන සමාජයේ කුරිරුම යුගයක් පසු කළ වකවානුවකි. නවසීලන්ත කණ්ඩායම ලංකාවට පැමිනෙණු ලබන්නේ ටෙස්ට් තරග 3 කින් යුත් තරගාවලියක් සදහාය. නමුත් ඒ අවධිය තුළ දිවයිනේ පැවති රුදුරු කොටි ත්රස්තවාදී බලපෑම හේතුවෙන් පැවැත්වීමට හැකියාව ලැබුනේ පළමු ටෙස්ට් තරගය පමණි. දෙවන සහ තෙවන ටෙස්ට් තරගයන් ත්රස්තවාදී බලපෑම් මත සහ අයහපත් දේශපාලන පසුබිම මත නතර කර දමන්නට සිදු විය. මේ හේතුවෙන් එකී බියකරු සමයක පැවති එකම ටෙස්ට් තරගයට ආලෝකයක් වන්නට බ්රෙන්ඩන් කුරුප්පුට අවකාශය ලැබුණි.

කොළඹ සී.සී.සී ක්රීඩාංගණයට හා හෝ කියාගෙන එවර ශ්රී ලාංකික රසිකයන් පිරෙන්නට වූයේ උණුසුම් තරගයක් නැරඹීමේ අපේක්ෂාවෙනි.එදාද අද මෙන් වියළි කාළගුණයක ස්වරූය දිස්වූයේ දින පහ තුළම කණ්ඩායම දෙකට කාළගුණයෙන්ද ආශිර්වාදය එක් කරමින්ය. බක් මහේ සැණකෙළිය අවසන් වීමටත් මත්තෙන් ක්රිකට් වසන්තයද උදා වූයේ අවුරුදු සිරිය දෙගුණ තෙගුණ කරමින්ය.




කාසියේ වාසිය ජයග්රහණය කළ නවසීලන්තය පළමුව පන්දුව ට පහර දීමට ශ්රී ලංකාවට ආරාධනා කරන ලද්දේ එවරද අපට රිසි සේ පහර දෙන්නට සිතා ගෙන විය හැක. මෙවර ශ්රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසියේ රොෂාන් මහානාම සමගින් බ්රෙන්ඩන් කුරුප්පු ය. එවර කඩුලු පිටුපස වික්රමය කිරීමටද බාර වූයේ බ්රෙන්ඩන් කුරුප්පුට වීම හේතුවෙන් ඔහු සතුව විශාල වගකීමක් පැවරී තිබූ බව පෙනේ. මංගල ටෙස්ට් තරගයට ක්රිඩා කළ බ්රෙන්ඩන් කුරුප්පුට මෙම තරගය කිසිදා අමතක නොවන තරගයක් විය. ත්රස්තවාදී පීඩන හමුවේ ජීවිතයේ සතුට උදුරා සිටි මෙවන් සමයක ඔවුන් පොඩි හෝ අස්වැසිල්ලක් ලබන්නට ඇත්තේ මෙම ක්රිකට් තරග නිසා යයි වරකට සිතේ.

මංගල තරගයට සහභාගි වන ඕනෑම කෙනෙකුට පාහේ යම් චකිතයක් ගොඩ නැගීම සාමන්ය පොදු කරුණකි. නමුත් එකී පීඩනය ශක්තියක් කර ගත් බ්රෙන්ඩන් කුරුප්පු මෙම තරගයේ පළමු ඉණිමේදිම අගනා ලකුණු 201 රැස්කරමින් වාර්තා කිහිපයක් ඉදිරියේ තම නම ලියා දමන්නට බ්රෙන්ඩන් කුරුප්පු ට එවර වාසනාව ලැබුණි. මිනිත්තු 777 ක කාළයක් පන්දුවත් පිත්තත් අතර ඒ කළා වූ වික්රමය සිහිවෙන විට හැගෙන්නේ තවමත් කුරුප්පු අප ඉදිරියේ පන්දුවට පහර දෙන විලාසයකි. පන්දු 548 ක් තුළ හතරේ පහර 24 ක් සමගින් ලකුණු 201 ක් රැස්කිරීමට සමත් වූයේ ද්විත්ව ශතකයක් රැස් කළ ප්රථම ශ්රී ලාංකික ටෙස්ට් ක්රීඩකයා බවට පත් වෙමින්ය .ටෙස්ට් ක්රිකට් ඉතිහාසයේ තම නාමය රන් අකුරින් ලියාගන්නට බ්රෙන්ඩන් කුරුප්පු ට හැකියාව ලැබීම ශ්රී ලාංකිකයෙකු වශයෙන් අපටද ආඩම්බරයකි. බ්රෙන්ඩන්ගේ මෙම ඉණිම ටෙස්ට් ක්රිකට් ඉතිහාසයේ තෙවනි දීර්ඝතම ඉණිම ලෙස එදා සී.සී.සී ක්රීඩාංගණයේදී වාර්තා පොත් අතරට එක් වෙන ලදි.

Photo credit goes to Getty Images

භීෂන මැදින් නොබියව ගමන් කොට ද්විත්ව ශතකයක හිමිකරුවා බවට පත් වූ බ්රෙන්ඩන් කුරුප්පු ශ්රී ලාංකීය ක්රිකට් වංශ කතාවේ එකී යුගයේ නොමැකෙනා ක්රිකට් විරුවෙකි. ක්රීඩවට සමු දෙන විට ඔහු ක්රීඩා කර තුබුනේ තරග 7 ක් වැනි කුඩා සංඛයාවක් වුවද පන්දුවට පහර දීමේ වේගය 53.33 වේගයක් රදවා ගනිමින් තිබුනි. කෙටි කාලයක් ටෙස්ට් කණ්ඩායම නියෝජනය කළද එකී කෙටි කාලය කණ්ඩායමේ ප්රධාන පුරුකක් බවට පත් වීමට ඔහුට අවකාශය ලැබුණි.




දිනෙන් දින වාර්තා පොත ලියවෙන්නා සේම වාර්තා බිද හෙලමින් ඉදිරිය්ට පැමිණෙන ක්රිකට තරු වර්තමානයේද වරින් වර මෙම දර්ශණ තලයට පායා එන්නේය. නමුත් එකී තරු නැවතත් ශ්රණිකයෙන් බොදවී යාමට හේතුව කුමක්දැයි වර්ත්මාන ක්රිකට් දෙස බැලීමේදී පෙනෙන ප්රධාන කරුණකි. මේ හේතුවෙන් මොවුන් ආර්ක්ෂා කර ගැනීම ක්රිකට් ආයතනයේ වගකීම මෙන් ම ඔබගේද වගකීමකි.

සමීර ගොඩපිටිය

Post a Comment

Whatsapp Button works on Mobile Device only

Start typing and press Enter to search